සජබ e කොළම.

Date:

අශෝක ජයතුංග

වොෂින්ටන් LNW : 🥶 රටේ වගකීම් බාරනොගත්තේ රට බංකොලොත් කල කපුටො මොළ හතානෝ වගේ අය සමග අපට ඩීල් නැති නිසයි – වි -: නායක සජිත්.

🥶 ලගදී සුගතදාස එකේ තිබුණෙ පක්ෂ සමුළුවක් නෙවෙයි ගව සම්පත සුරකින්න දගලන අසාර්ථක උත්සාහයක් – සජිත්.

🥶 ආණ්ඩුවේ දැන් ඉන්න හා ආණ්ඩුවෙන් කලින් කැඩීගිය විශාල පිරිසක් නුදුරේදීම සජබ සමග එකතු වෙනවා – මහලේකම් රංජිත්.

🥶 මත්දව්‍ය සමග ඇල්ලූ සජබ කුරුණෑගල දිසා සංවිධායක වහාම පක්ෂයෙන් නෙරපුවා – මහලේකම් රංජිත්.

🥶 සජබ හා එජාප එකතුවීමකට දැන් ප්‍රමාද වැඩියි. අරගලයට පසු එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන වැඩේ මේ පාළකයො කර ඇරියා – කිරිඇල්ල.

🥶 බදු බර හා බඩුමිල වැඩි බව කියන්න රාජපක්ෂලට හා පොහොට්ටුවට අයිතියක නෑ. ජනතාවට අද එය දරාගන්න බැරි වුණත් එයාලට දිනකටවේල් 7- 8 ක් කන්නත් මුදල් තියෙනවා – කබීර්.

🥶සජබ ජනපති අපේක්ෂක අපේ පක්ෂ නායක සජිත්.කුලියට අපේක්ෂකයො අපට ඔින වෙන්නෙ නෑ – කබීර්.

🥶 ආණ්ඩුවේ ආයුෂ තව දින 200 යි. මෙි කඩුල්ල පනින එක වැරදුණොත් රටම ඉවරයි. සජිත් දිනවන 100 ක කම්ටුවක් හැදුවා – තිස්ස අත්තනායක.

🥶අපි බලයට ඇවිත් සති 04 න් ශක්ති හා පුභාෂ්වර වැඩ පිළිවෙලවල් යළි අරඹා හාල් හා ළුෑණු මාfපියාව  ඉවර කරනවා – ආචාර්ය හර්ෂ.

🥶 ජවිපෙ එක්කෙනෙක් ජීවිතේට රැකියාවක් ව්‍යාපාරයක් කරල තියෙනවද. එහෙම අයට රටවල් කරන්න පුළුවන්ද – සුජීව සේනසිංහ.

🥶 ලෝකයේ ඉන්දන හා ගෑස් හොඳටම මිල අඩුවෙලා. ඒත් ඒකෙ වාසිය ජනතාවට දේවි ද හෝ යළි මිල වැඩි කරාවිද බලමු – සජබ.

🥶 ජනතාවට බදු නොගසා රජයේ ආදායම 50% කින් වැඩිකල හැකියි. කෝටි 05 ට වඩා බදු ගෙවන ධනපතීන් 2500 ක් සිටිතත් එම සංඛ්‍යාව ඉක්මවූ පිරිසක් රටේ ඉන්නවා. ආණ්ඩුවේ මිත්‍රකම් තුළ ඔවුන්ට අත නොතබන නිසා සාමාන්‍ය ජනතාවට වන්දි ගෙවන්න වෙලා – පාඨලී.

🥶 බදු බර රටේ හැමදෙනාම බෙදා ගැනීම හොදම ක්‍රමය බව මහබැංකු අධිපති කීමෙන්ම රටේ සාමාන්‍ය ජනතාවගේ පිට මත මිසක් කෝටිපතීන්ට එම බර පැටවීමට මේ ආණ්ඩුව සූදානම් නැති බව ඇඟවෙනවා – සජබ.

🥶 මිහින්තලේ හිමිවරු හා එම බොදු ස්ථානයට ආරක්ෂාව දීම හා සංවර්දනයට දායකවීම ආණ්ඩුවේ වගකීමක් බව මහනාහිමිවරුන්ට ලිපි ලියමින් පෙන්වා දෙන්න වෙලා – ගයන්ත.

🥶 හාල් බඩ ඉරිගු උදු බිත්තර ආදී හැම දේම පිටරටින් ගෙන්වන එක මෙි අය හොඳටම කරන්නෙ ඇයි දැයි සොයා බලන්න. කොමිස්.

🥶 රාජපක්ෂලගෙ අත්වල ලේ නෑලු. අල්මාරි ඇරල බැලුවොත් ලේ වේලිලා ගිය ඇටකටු තියෙන්න පුළුවන් – මුජිබර්.

🥶 රු. කෝටි 70 ක් වැයකරලා මහනුවර ඉදිකල කලා ආයතනයෙන් එජාප නිර්මාතෘ ඩී ඇස් මැතිදුගේ නම හලපු එකට විරෝදය පා හිටපු මන්ත්‍රීල 30 ක් ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බා – අර්ල් ගුණසේකර.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...