*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

Omicron JN.1 ගැන ඔබ දනුවත්ද ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවට පණිවුඩයක් ලබා දී ඇත.

ඒ ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රබේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළ ද සිටීමට ඉඩ ඇති බවට තමා විශ්වාස කරන බැවින් හැකිතාක් මුව ආවරණ යළි භාවිතා කරන ලෙසයි.

ඉන්දියාවේ සිදු කළ පරීක්ෂණයක දී 30%ක් ආසාදිතයන් ලෙස පැය 24ක් තුළ හඳුනාගෙන ඇති බවත්, එය Omicron හි JN.1 උප ප්‍රභේදය නිසා සිදු වූවක් බව ඔප්පු වී ඇති බවත් ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

කොවිඩ් විශේෂ, සෙම්ප්‍රතිශ්‍යාව තරම් සරල නොවන බවත්, මිනිසුන් දැඩි ලෙස රෝගාතුර විය හැකි බවත්, හෘදයාබාධ, ආඝාත සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ වැඩි අවදානම ඇතුළු දිගුකාලීන බලපෑම් ද ඇති කළ හැකි බවත් සඳහන් කළ මහාචාර්යවරයා වැඩි දුරටත් කියා සිටියේ හැකිතාක් ආරක්ෂාකාරී වීම වැදගත් බවයි.

මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණ සිදු කිරීම අවම මට්ටමක පැවතීම නිසා රෝගීන් සමාජය තුළ සිටින්නේ ද නැද්ද යන්න පවා හඳුනාගැනීම අපහසු වී ඇති අතර, ජනාකීර්ණ පරිසරයක සිටී නම්, මුව ආවරණය පැළඳීම වඩා ආරක්ෂිත බවයි.

මෙම නව Omicron හි JN.1 හි රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැති වීමයි. දීර්ඝ කාලීනව පවතින අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම සහ වමනය ඇති වීම ද මෙහි රෝග ලක්ෂණවලට අයත් වන බව ජීවන්දර මහතා පෙන්වා දේ.

එවැනි ලක්ෂණ අනතුරු ඇඟවීමේ සංඥා විය හැකි බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතු වන බව අනතුරු අඟවමින් මහාචාර්යවරයා කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan