පෞද්ගලික තොඟ ගබඩාවලින් සැඟවූ ලොකු ළූණු තොග මතුවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික තොඟ ගබඩාවක් පරීක්ෂා කර ඇති අතර , එහිදී පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය සහ ඉරානය ආදී රටවල් රැසකින් ගෙන්වා තිබූ ලොකු ලූනූ තොග හමුවී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, ආනයනික ලොකු ලූනු තොග ගබඩාවල සඟවා ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පාරිභෝගික අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වේ.

මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ, එම තොග ගෙන්වන ලද සමාගම් හෝ අලෙවි ජාලය සම්බන්ධයෙන් නිසි තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා එහි සේවය කරන පිරිස් සතුව නිශ්චිත ලේඛන නොතිබූ බවයි.

මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණුක කුමාර සඳහන් කළේ, ඊට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...