සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): නව වසරේ ජාතික බැඩිමින්ටන් සූරයන්ට තරගකාරීත්වයට පිවිසෙන්නට බණ්ඩාරවෙලට සහ බදුල්ලට යාමට සිදු වී තිබෙනවා.ඒ 2024 ඌව බැඩිමින්ටන් තරගාවලිය සඳහා සහභාගි වීමටයි.ජාතික ශ්‍රේණිගත කිරීම තරගාවලියක් ලෙස ජනවාරි 12 – 18 යන කාලය තුළ පැවත්වෙන මේ තරගාවලියට නව වසර ආරම්භ කරමින් ජාතික මට්ටමේ බැඩිමින්ටන් ක්‍රීඩක ක්‍රිඩිකාවන් විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රිඩා පිටිය සහ බදුල්ල ෂටර්ලස් ටේබල් ටෙනිස් සහ බැඩ්මින්ටන් ඇකඩමි ගෘහස්ත ක්‍රීඩා පිටිය පාදක කරගෙන පවත්වන මෙම තරගාවලිය වීවෘත,කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ලෙස ප්‍රධාන වශයෙන් තරග අංශ කොටස් තුනකට බෙදා පැවත්වීමට කටයුතු කර තිබෙනවා.ජනවාරි 2 දා ට පෙර අයදුම්පත් යොමු කළ යුතු මෙම සියළුම තරග සඳහා ඔන් ලයින් ක්‍රමයට ඉල්ලුම්පත් යොමු කිරීමටත්, ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමටත් පහසුකම් සළසා ඇති අතර ඒ පිළිබඳව තොරතුරු සඳහා පහත සබදතාවයෙන් පිවිසිය හැකියි.
https://srilankabadminton.lk/tournament/uva-province-badminton-championship-2024/
විවෘත අංශයේ තරගවලට අමතරව කණිෂ්ඨ අංශයෙන් අවුරුදු 11 න් පහළ,13 න් පහළ,15 න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ ලෙස තරග පැවත්වෙන අතර බාලක බාලිකා ලෙස ද බාලක යුගල සහ බාලිකා යුගල ලෙස ද මේ වයස් කාණ්ඩ ඔස්සේ තරග පැවත්විමට සැළසුම් කර තිබෙනවා.ජ්‍යෙෂ්ඨ අංශයේ දි වයස 30 න් ඉහළ සිට 35,40,45,50,55,60,65 සහ 70 යන වයස් කාණ්ඩ පදනම් කරගෙන එම වයස්වලට ඉහළ පිරිස් සඳහා කාන්තා සහ පිරිමි දෙ’අංශයෙන්ම කේවල,යුගල මෙන්ම මිශ්‍ර යුගල තරග ද පැවත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
Macfoil,Mobil,Li-Ning,GAC,3M අනුග්‍රාහකත්වය ජාතික මට්ටමේ සෑම බැඩිමින්ටන් තරගාවලියකටම ලැබෙනාකාරයට මෙම තරගාවලියට ද හිමිව තිබෙනවා.
