කොළඹ LNW:ඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ සිට එක් කර ඇත.
ඒ අනුව වසර 72 ක් පුරාවට පවත්වා ගෙන ආ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වාර්ෂික ප්‍රදර්ශනය මුල්කරගත් සාංචි මහාබෝධි මහෝත්සවය මේ වසරේ සිට ඉන්දියාවේ ජාතික උත්සවයක් ලෙස සැලකේ.
එය පසුගියදා (නොවැ 30 දෙසැ.01) ඉන්දීය,ශ්‍රි ලංකා හා වෙනත් විදේශීය බෞද්ධ බැතිමතුන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
ක්‍රි.පූ.05 සියවසේ අශෝක අධිරාජයා සර්වඥ ධාතූන් වහන්සේලා සහ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර ඉදිකරන ලද සාංචි ස්ථූප සංකීර්ණයේ ඉදිකර ඇති සාංචි චේතියගිරි විහාරය කේන්ද්‍ර කර ගනිමින් මෙම දෙදින පැවති සංචි මහා බෝධි මහෝත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ විශේෂ සුභාශිංෂණ රැගෙන ඉන්දියාවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය කිරන් රිජිජු (Kiran Rijiju) මැතිතුමා සමග ඉන්දීය ග්‍රාමීය සංවර්ධන හා පංචායත් සභා අමාත්‍ය ප්‍රහ්ලාද් සිංග් පටෙල් (Sri Prahalad Singh Patel) මැතිතුමා සහභාගි වූහ.
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමා සාංචි මහා බෝධි මහෝත්සවය වෙනුවෙන් අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් වෙත එවන ලද සුභාශිංසන පණිවිඩයේ “සාංචි මහාබෝධි මහෝත්සවය අපගේ ශිෂ්ටාචාර මූලයන් සහ විචිත්‍රවත් සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කරන අතර, බුදුන්ගේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයින් දෙදෙනෙකු වන සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මහාමොගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීමට සමස්ත ලෝක බෞද්ධ බැතිමත් වන්දනාකරුවන්ට ඉඩ සැලසීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වන,සාංචි මහාබෝධි මහෝත්සවය සංවිධානය කරමින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කර ප්‍රචලිත කිරීමට මහාබෝධි සංගමය දරන උත්සාහය අපගේ සංස්කෘතිය හා සාරධර්ම තරුණයන් අතරට ගෙන යාමට වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව දක්වයි.
එසේම භාග්‍යවත් බුදුන් වහන්සේගේ සදාකාලික ඉගැන්වීම් බොහෝ ජාතීන් සහ සමාජයන් වෙනත් අය සමඟ සම්බන්ධ කරයි. විවිධ ජාතීන්ට අයත් මිනිසුන් එක්රැස් කරන සාංචි උත්සවය ඊට ප්‍රබල උදාහරණයකි. සාංචි මහාබෝධි මහෝත්සවය සාර්ථකවීමට මහාබෝධි සංගමයට මාගේ සුභාශිංසන පිරිනමමි. මෙවැනි සිදුවීම් අපගේ සංස්කෘතික උරුමයන් ශක්තිමත් කිරීමට සහ අනාගත පරම්පරාවන්ට දිරිගැන්වීමක් වනු ඇතැයි මට විශ්වාසයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම පණිවිඩයෙන් වැඩිදුරටත් දක්වා ඇත.
තායිලන්තයේ ආචාර්ය සුපචායි වීරාපුචොංන්ග් Dr.Supachai Verapuchong) මහතා ප්‍රමුඛ බෞද්ධයන් ද වියට්නාමයේ බෝධි චිත්තා තෙරණිය ඇතුළු වියට්නාම් බැතිමතුන් ද ජපාන බෞද්ධයින් භික්ෂු භික්ෂුනියන් ද ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
ශත වර්ෂ ගණනාවක් වනයට යට වී නටඹුන් වී තිබී, 1918 දී සොයා ගැනීමෙන් පසු,1851 ඇලෙක්සැන්ඩර් කණින්හැම් සහ ජෙනරල් මෙයිසි විසින් සාංචි පුදබිමේ ප්‍රථම වරට කැණීම් කරන ලදී ඉන්පසු 1912 දී ශ්‍රීමත් ජෙනරල් ජෝන් මාෂල් මෙම නටබුන් ප්‍රතිසංස්කරණය කර සාංචි පුදබිම අද පවත්නා ගෞරවනීය තත්ත්වයට පත් කළේය.
එම කැණීම්වලින් පසු එංගලන්තයට රැගෙන ගොස් තිබූ මෙම සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා ඉන්දියාවට වැඩම කිරිමෙන් පසු සාංචි චේතියගිරි විහාරය ඉදිකර එහි තැන්පත් කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළේ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියෝ බව සාංචි චේතියගිරි විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස,සාංචි චේතියගිරි විහාරයේ සම්මානිත විහාරාධිපතිනි, මහනුවර වත්තේගම මලියදේව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වියට්නාමයේ බෝධිචිත්තා තෙරණින් වහන්සේ,ඉන්දීය මධ්‍යම රජයේ පංචායත් සභා සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ප්‍රහලාද් සිංග් පටෙල් (Sri Prahalad Singh Patel) , තායිලන්තයේ ප්‍රමුඛතම බෞද්ධ නායකයෙකු වන ආචාර්ය සුපාචල් වීරාපුචොංග් (Dr.Supachal Verapunchong), මධ්‍ය ප්‍රදේශ් විදාන් සභා (ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව) මන්ත්‍රී ආචාර්ය ප්‍රභූරාම් චවුද්‍රි (Dr.Prabhuram Chaudhary) රයිසන් දිසාපති අරවින්ද කුමාර් ඩුබේ (Aravind Kumar Dubey – Collector & District Magistrate – Raisan District) යන අය සහභාගී වූහ.
සාංචි මහාබෝධි මහෝත්සයට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගයට ජපානයේ සුප්‍රකට ගායිකා මයි යු(My U),ශ්‍රී ලංකාවේ තුෂාර හෙට්ටිආරච්චි,ඉන්දියාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි බෞද්ධ කලාකරුවන් ඇතුළු සංස්කෘතික කණ්ඩායම් ද එක් වූහ.
එසේම ඉන්දියාවේ ඔරිස්සා,ආන්ද්‍රා, තෙලංගානා, ලඩාක්, උත්තර් සහ උත්තරාකාන්ඩ්, ඇසෑම්,කේරළ, හිමාචාල්, තමිල්නාඩු, මහාරාෂ්ට ඇතුළු ප්‍රාන්ත රැසක බෞද්ධ බැතිමතුන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මෙම දෙදින මෙවර මහාබෝධි මහෝත්සවයට සහභාගී වූ බව චේතිගිරි විහාරවාසී උඩුගම තපස්සී හිමියෝ පැවසූහ.
චේතියගිරි විහාරයේ භූ ගර්භයේ සුගන්ධ කුටියේ තැන්පත් කර තබූ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා නොවැම්බර් (30)තිස්වෙනි දින එම කුටියෙන් ඉහළ මාලයට වැඩමවා, විහාර මන්දිරයේ තැන්පත් කිරීමෙන් පසු ජනතාවට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබූයේ මීට වසර හැත්ත දෙකකට පෙර ඉන්දියාවේ අග්‍රාමාත්‍ය දිවංගත ශ්‍රීමත් ජවහල්ලාල නේරු තුමන්ගේ ඉල්ලීම පෙරදැරිව බව බානගල උපතිස්ස නාහිමියෝ පැවසූහ.දෙසැම්බර් පළමුවෙනි (01) දින පස්වරුවේ ධාතූන් වහන්සේලා නැවත බෝ ගර්භ සුගන්ධ කුටියේ තැන්පත් කෙරිණ.
මෙම උත්සවයට පැමිණෙන ඉන්දීය භික්‍ෂූන් වහන්සේලාට විශේෂ දානමය පින්කම් මහා බෝධි වන්දනා නිකේතන් පරිශ්‍රයේ පැවැති අතර,පැමිණි බැතිමතුන් සඳහා දන්සැල් විශාල ප්‍රමාණයක් සංවිධානය කර තිබුණි.පැමිණෙන මහජනයාට අවශ්‍ය සනීපාරක්ෂක හා වෛද්‍ය වෛද්‍ය පහසුකම් මධ්‍ය ප්‍රදේශ් රජය සම්පාදනය කර තිබුණි.