ගාසාවට යළිත් ඊශ්‍රායල් ප්‍රහාර, 50ක් මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ (LNW):

ගාසා තීරයේ ආරක්ෂිත කලාපයට ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර වලින් 50 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල හමුදා දකුණු ගාසා තීරයේ අල්-මාවාසි හි රෝහල්, පාසල් හා නිවාස ඇතුලත් ආරක්ෂිත කලාපයට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙන අතර, ඉන් පලස්තීන ජාතිකයන් හත් දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, උතුරු ගාසා තිරයේ කමල් ඇඩ්වාන් රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ ඔක්සිජන් හා ඉන්කියුබේටර් අවශ්‍ය ළදරුවන් ඇතුළු සිවිල් වැසියන් 400කට ආසන්න සංඛ්‍යාවක් රෝහල තුළ රැඳී සිටින බැවින් රෝහලින් ඉවත්වීමේ ඊශ්‍රායල නියෝගයට අවනත වීම කළ නොහැකි දෙයක් බවයි.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තෝබර් 7වනදා සිට පලස්තීනුවන් 45,259 ක් මිය ගොස් 107,627 ක් තුවාල ලබා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...