මූඩිස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය ශ්‍රී ලංකාව ගැන නව තීරණයක් ගනී!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ (LNW):

අද (23) පස්වරුවේ රොයිටර් පුවත් සේවය නිවේදනය කළේ , මූඩිස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ශ්‍රේණිය ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි.

එපසුගිය සතියේ අමෙරිකානු ඩොලර් බිලියන 12.55 කට අදාළ විදේශ ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවසර දීමත් සමග මෙම පියවර ගෙන ඇති බවය, හි දැක්වෙන අතර, ශ්‍රී ලංකාවට විදේශීය ණය ගෙවීමට නොහැකි බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දමනු ලැබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහනකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළක් ආරම්භ කෙරිණි. එය පසුගිය සතියේ අවසන් අදියරට පැමිණියේ විදේශ ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට ආයෝජකයින් කැමැත්ත පළ කිරීමෙන් පසුව වන අතර, ශ්‍රී ලංකාවේ පැවති ණය ශ්‍රේණිය ඉහළ දැමීමට ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ද පියවර ගෙන තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...