පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙලා – නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ (LNW):

රුපියල් මිලියන 352 ක් වැය කරමින් 2014 වසරේදි ඉදිකෙරුණු පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය මේ වනවිට මත්ද්‍රව්‍ය තිප්පොළක් බවට පත්වඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය මැඩලීමට වත්මන් ආණ්ඩුවෙන් පොලීසියට පූර්ණ නිදහස ලබාදී ඇති බව ඒමහතා පවසා සිටී.අදාළ ගැටලු සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වේල්ලවීදිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙය්දී පැවති ප්‍රාදේශීය කමිටු රැස්වීමකදී  මේ පිළිබඳ ප්‍රශ්න කෙරුණු බව වාර්තා වේ.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා.

“ලොකු අසාධාරණයක් මේ වෙළෙඳ මහතුන්ට සිදුවුණා. අල්ලපු වත්තත් නැහැ. පය ගහපු වත්තත් නැහැ. තමුන්නාන්සේලාට සාධාරණයක් ඉටු කරන්නම්. පොලීසිය මේක අහගෙන ඉන්න. මම වගකීමෙන් කියන්නේ පාවෙන වෙළෙඳසැලේ ස්ථාන කිහිපයක් මත්ද්‍රව්‍යයට භාවිත කරන ස්ථාන බවට පත්වෙලා වහාම ක්‍රියාත්මක වෙන්න. මීට කලින් පැවැති රජයන් තමුන්නාන්සේලාට බාධා කළා මහපුටුවලින්ම බොලොක් කළා හැබැයි අපි විවෘතව මේ කියන්නේ අපේ කිසිදු කෙනෙක් ජනාධිපතිවරයාගේ සිට පහළට මත්ද්‍රව්‍ය වැඩිකරන්න අත්උදවු දෙන්නේ නැහැ. ඒ දේශපාලන බාධකය නැති කරලා තියෙන්නේ දේශපාලන බාධකය නැති වෙද්දි වගකීම යන්නේ තමුන්නාන්සේලාට. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළ ඉන්න ස්ථානාධිපතිවරුන් තමා මේ ඉන්නේ. හැබැයි තමුන්නාන්සේලාට පුළුවන්කමක් නැතිනම් මේ දේශපාලන බාධකයක් නැතිවෙද්දිත් මත්‍ද්‍රව්‍ය භාවිතය අඩුකරලා අපිට වාර්තාවක් දෙන්න. එහෙනම් ගැටලුව තියෙන්නේ රජයේ නෙවෙයි පොලිස් දෙපාර්තමේන්තුව අතේ. මුළු ජාතියක් විනාශවෙලා තියෙන්නේ මේකට කරුණාකරලා මැදිහත් වෙන්න.” ලෙස කියා සියියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරු හි සිත් ගත් “Inca Kola”

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...

පොලිස් ඇමති දේශබන්දුට ගහපු ගැහිල්ල!

කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා...

කළු සුදු පින්තූරකරණයට වර්ණයක් ලබා දුන් 2025 AAP සඟරා සම්මාන උළෙලේ රහ තැන්!

සටහන – පුලී අගෝස්තු 05, කොළඹ (LNW): කළු සුදු ඡායාරූපකරණයේ...

ගාසා තීරයට ‘සාගින්න’ යන්නෙන් සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සාගින්නෙන් ශරීරයට සිදු...