ඉන්දියාවෙන් රජයට තවත් සහනයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW :

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ දැවැන්ත විනාශයෙන් පසු මෙරට යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබෙන බව සඳහන් වේ.

එයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසා ඇත.

අද (23) පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා මේ බව  සඳහන් කළේය .

ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් ඊයේ (22) පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට පැමිණි අතර, මෙරට රැඳී සිටින කාලය තුළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමාත්‍යවරිය, විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම දෙමළ පක්ෂවල නායකයින්ද හමුවීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...