සරණාගතයින් ලෙස සිටින විදේශිකයන් 912ක්..

Date:

විවිධ හේතු මත විදේශිකයන් 912 දෙනකු සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2021 කාර්ය සාධන වාර්තාවේ සඳහන්වේ.

ඉන් වැඩි පිරිසක් පාකිස්තාන ජාතිකයෝ වෙති. එම සංඛ්‍යාව 709කි.

මීට අමතරව ඇෆ්ගනිස්ථානු ජාතිකයන් 113 දෙනකුද, ඉරාන ජාතිකයන් 24 දෙනකුද, පලස්තීන ජාතිකයන් හය දෙනකුද, සුඩාන ජාතිකයන් හතර දෙනකුද ,යේමන ජාතිකයන් පහළොස් දෙනකුද මියන්මාර ජාතිකයන් තිස් පස් දෙනකු ද, බංගලාදේශ, එරිත්‍රියාව, සෝමාලියාව යන රටවල එක් අයකු බැගින්ද මෙරට සරණාගතයන් ලෙස රැඳී සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.

මෙම පිරිස මෙලෙස මෙරට රැඳී සිටින්නේ සරණාගතයන් පිළිබඳ කටයුතු කිරීමේ ඒකකයේ අධික්ෂණය යටතේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...

තැපැල් දෙපාර්මේන්තුව සහ සෞදි තෑපෑල අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : තැපැල් දෙපාර්මේන්තුව සහ...