උමංදාව බලන්න ගිය මහ බැංකු අධිපති..

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මැල්සිරිපුර උමංදාවට පැමිණ සිරි සමන්තභද්‍ර හිමියන් හමුවී උමංදාවේ සිදු කෙරෙමින් පවතින වගා සංග්‍රාමය ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් නැරඹීය.

සිරි සමන්තභද්‍ර හිමියන්ගේ අදහසකට අනුව වාර්ෂිකව සිදු කරගෙන යන පාසල් සිසුන් දස දෙනකු සඳහා මාසිකව ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩ සටහන යටතේ සිසුන් පිරිසකට ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමද මෙහිදී නන්දලාල් වීරසිංහ මහතා අතින් සිදු කෙරිණි.

මීට අමතරව සිරි සමන්තභද්‍ර හිමියන්ගේ මෙහෙයවීමෙන් සකස් කරන ලද උමංදාව ඒකාබද්ධ කළමණාකරන පද්ධතිය එළිදැක්වීමද මහ බැංකු අධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගි වීම සඳහා නන්දලාල් වීරසිංහගේ බිරිඳ ද පැමිණ සිටි අතර සිරි සමන්තභද්‍ර හිමියන් ඔවුන් දෙදෙනා වෙනුවෙන්ම උමංදාවේ විශේෂ ආහාර වට්ටෝරුවලින් සකසන ලද සුවිශේෂී ආහාර වර්ග රැසක රස බැලීමේ අවස්ථාවද ලබා දුන්නේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...