වැඩ වර්ජනය තවත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා – GMOA

Date:

දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

“අතිගරු ජනාධිපතිතුමා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, සෞඛ්‍ය ලේකම්තුමාත් එකතු වී මේ ගැටළුව විසඳීම සඳහා සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියා. ඒ සාකච්ඡා කිරීම ආරම්භ වුණා, ඒ සම්බන්ධව දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණියා ර.වෛ.නි.ස. ඉදිරිපත් කරලා තියෙන කරුණු කාරණා පිළිගන්නවා කියන එකට. ඊට අමතරව එහිදී තිබෙන නෛතිකභාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ගැටළුවක් නොමැති බව පිළිගත්තා.

නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යම් ආකාරයකින් අනුමැතිය අවශ්‍ය බව සෞඛ්‍ය ලේකම්වරයා පවසපු හින්දා අපට වර්ජනය දිගටම පවත්වන්න සිදුවෙනවා. අද දිනය වනවිට අපි වෘත්තීය සමිති කිහිපයක් මේ වර්ජනයට සහාය පළකිරීම සඳහා පැමිණෙනවා. ඒ වගේම මෙම වර්ජනය තවත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා”

යනුවෙනුයි එම සංගමයේ විධායක සභික, වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

ර.වෛ.නි.ස වැඩ වර්ජනය දැනට දින තුනක් තිස්සේ ක්‍රියාත්මක වන අතර රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට එන දුගී දුප්පත් ජනතාව මේ නිසා දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. කෙසේවෙතත් වෛද්‍යවරුන් පෞද්ගලික චැනලින් සේවාවන් හරහා ප්‍රතිකාර ලබාදීම ක්‍රියාත්මක ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...