දශක පහකට පසුව ජවිපෙට දක්ෂිණාවෘත ලෝකය හමුවීම ….

Date:

ලෝකය කැරකෙන්නේ දක්ෂිණාවෘතව. වාමාවෘතව කැරකෙන ලෝකය දැන් යුටෝපියාවක්. නැත්නම් සදාකාලික දෘෂ්ටිවාදයක්. මේ දක්ෂිණාවෘතව කැරකෙන ලෝකයේ ආර්ථික හබ් එක තමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල…

වමේ බලවේග වලට ගුහාගතවෙලා එහෙම නැත්නම් කුඩා කවවලට සීමා වෙලා ඉන්න තාක්කල් වාමාවෘතව කැරකෙන ලෝකයක් ගැන විශ්වාසය තියන් ඉන්ට පුළුවන් .. හැබැයි ඒ ගුහා කටවල් වලින් කනවැල අල්ල අල්ල එළියට එන්ට උන ගමන් දක්ෂිණාවෘතව කැරකෙන ලෝකය ගැන විශ්වාස කරන්ට වෙනවා.. වම්මු මොන යථාර්ථවාදය ගැන කතාකලත් පවත්නා ආර්ථික යථාර්ථය ඒක..

මේ යුගයේ ලෝකය කැරකෙන්නේ දක්ෂිණාවෘතව විතරයි. වාමාවෘත ලෝකයක් කොහෙවත් නෑ..

මේ වෙලාවේ වාමාවෘත කක්ෂයක විශ්වාසයෙන් එළියට එන මාළිමාවට බරපතල ගැඨළුවකටත් මුහුණ දෙන්න වෙනවා..ඒ මෙතෙක් උග්‍ර බටහිර විරෝධයක සහ අයි.එම්.එෆ්. විරෝධයක හිරවෙලා හිටපු ජ.වි.පෙ. පරණ අරටු සාමාජිකයන් හා ඕඩියන්ස් එක මේ නව ප්‍රකාශය හා නව ප්‍රවේශය ගන්නේ කොහොමද කියන කාරනය..

මේ ප්‍රකාශයට අලුත් මාළිමා ඕඩියන්ස් එක ගොඩක් කැමතිවෙයි, හැබැයි පරණ ජ.වි.පෙ. අරටු මේ ප්‍රකාශ වලින් දුර්මුඛ වෙනවා..

මෙතනදී ඉදිරි මැතිවරණවලින් සිදුවෙන පොඩි හෙල්ලීමකින් උනත් නව මාළිමා ඕඩියන්ස් එක විසිරෙන්ට පුළුවන්, ඒ තත්වය තුල පරණ කේඩරය දුර්වල කරගැනීම ඔවුන්ට අනාගත මාරාන්තික පාඩුවක් වෙනවා ..

බොහෝවිට මේ අයි.එම්. එෆ්. ගැන කරන ප්‍රකාශයේ පවා තියෙන්නේ පරණ අළුත් දෙක බැලන්ස් කරගන්ට හදන දුර්වල උත්සාහයක් ..මොකද යථාර්ථය තුලදී මේ බංකොලොත් කෙළවෙච්ච පුංචි දූපතට දැන් තියෙන්නේ අයි.එම්.එෆ්. නිර්දේශ පසුපස යන එක මිසක් මේ කියන විදියට අයි.එම්.එෆ්. එක අපේ පස්සෙන් ගෙන්න ගන්ට කොන්දේසි දාන එක නෙමේ..

මොකද අපි ඒ අයගේ කොන්දේසි කැඩුවොත් ඒ අය ඊළඟ ස්ටෙප් එකට අනිවාර්යයෙන්ම අපිව ගන්නෙ නෑ..

ධනපතියගේ කොන්දේසි වලට එකඟවෙන යාචකයෝ මිසක් යාචකයන්ගේ කොන්දේසි පස්සෙ එන ධනපතියෝ ලෝකේ නෑ..

ඒ කෙසේ වෙතත් වම කියන එක යථාර්ථයට අවුරුදු පනහක් පමණ ඈත කාලයක තියෙන්නෙ කියන එක මේකෙන් පැහැදිලි වෙනවා…යථාර්ථයේ දේශපාලන ව්‍යාපාර කාලයක් තිස්සෙ විශ්වාස කරපු දක්ෂිණාවෘත ලෝකය විශ්වාස කරන්ට වමට පටන්ගත්ත දවසේ ඉඳන් අවුරුදු පනස්ගානක් ගිහින්..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...