*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

මේ වතාවේ එන්නේ වයස 60 ට අඩු ජනාධිපතිවරයෙක් – සජබ මාධ්‍ය ප්‍රකාශක

2024 ජනාධිපතිවරණයෙන් බලයට පත්වන්නේ වයස අවුරුදු 60 ට අඩු ජනාධිපතිවරයකු බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

“එළඹෙන සැප්තැම්බර් 16 වෙනිදාත් ඔක්තෝබර් 16 වෙනිදාත් අතරතුර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඒ කියන්නෙ ජුලි මාසේදී ජනාධිපතිවරණය කැඳවනවා. දැන් වර්තමාන ජනාධිපතිවරයා මේ මැතිවරණයට ඉල්ලන්නේ නැති බව සක්සුදක් සේ පැහැදිලියි. මොකද ඔහු දෙපාරක් ජනාධිපතිවරණ පැරදුණා. තුන්වෙනි පාර 2010දී පැරදෙන බව දැනගෙන ඉත්තෙක්ව දැම්මා. හතරවෙනි පාර ජයග්‍රහණය සඳහා පසුබිම තිබුණත් ඔහුට දිනන්න බැරි බව දැනගෙන ඔහු ඉල්ලුවෙ නෑ, වෙන අශ්වයෙක් ගෙනත් දාලා ඒ අශ්වයාගෙ කරපිට නැග්ගා. දැන් මේ පාර පිනට හම්බුණා ලක් බයි චාන්ස් එකකට. එනිසා මේ ජනාධිපතිවරයා ඡන්ද පරදින්න ඉල්ලන්නෙ නෑ.

ඒ වගේම දැන් පොදුජන පෙරමුණේ සම්මේලනය දවසේ ඉතාම පැහැදිලිව පෙනුනා, බැසිල් රාජපක්ෂ විසින් හරියටම ඉඟිය ලබාදුන්නා ඔවුන්ගේ අපේක්ෂකයා ධම්මික පෙරේරා බව. මොකද හේතුව, එතන පුටු දාලා තිබිච්ච විදිය අනුව පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් ඔක්කොටම වඩා ප්‍රමුඛතාවය දීලා තිබුණෙ ධම්මික පෙරේරාට. ඒ අනුව පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ධම්මික පෙරේරා වන සන්දර්භය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඡන්දය ඉල්ලන්න පක්ෂයක් නෑ. යූඑන්පීයෙන් ඉල්ලන්න පුළුවන්, ඉල්ලලා වැඩක් නෑ කුල්ල කුජීත වෙලාම යනවා. එනිසා ඔහු ඡන්දය ඉල්ලන්නේ නැත.

අනිත් එක තමයි දැන් රටේ මතුවෙලා තියෙන අලුත් වාතාවරණය තුළ මේ රටේ තරුණ පරම්පරාවට අවුරුදු 75 ඉක්මවා ගිය දේශපාලනඥයෝ ඔවුන්ගෙ සීයලා වගේ. එතකොට අලුත් තරුණ පරම්පරාව කැමති නෑ තමන්ගෙ සීයලාගෙ වයසේ පුද්ගලයෙක්ව නැවත වතාවක් මේ රටේ ජනාධිපති කරන්න. එනිසා අලුත් ජනාධිපතිවරයෙක් තමයි එන්නේ. අවුරුදු 60 ට අඩු ජනාධිපතිවරයෙක් තමයි එන්නේ. ඒ ජනාධිපතිවරයා තෝරාගැනීමේ මැතිවරණය සැප්තැම්බර් – ඔක්තෝබර් අතර තියනවා.

එනිසා අපි මේ රටේ පොලිස් නිලධාරීන්ට, ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන්ට කියන්නෙ දේශපාලනඥයින් විසින් ඔවුන්ගේ අවසාන කාලෙ ලබාදෙන වැරදි නියෝග ක්‍රියාත්මක කරන්න එපා. මතකනෙ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ TRC සභාපති අනුෂ පැල්පිටට හිරේ යන්න වුණා”

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (22) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 1967 වසරේ උපන් අයෙකු වන අතර ධම්මික පෙරේරා මහතා ද 1967 වසරේ උපන් අයෙකි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 1968 වසරේ උපන් අයෙකි. ඒ අනුව ඔවුන් තිදෙනාම වයස අවුරුදු 60 ට අඩු දේශපාලනඥයින් ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan