බන්ධනාගාර ආශ්‍රිතව 24 සහ 25 විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හෙට(24) සහ අනිද්දා(25) දින දෙක තුළ බන්ධනාගාර ආශ්‍රිතව පොලිසිය සමග එක්ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ දිනවල නේවාසිකයින් බැලීම සඳහා බහුල වශයෙන් අමුත්තන් පැමිණීමට ඉඩ ඇති බැවින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් සඳහා ඊට අදාල උපදෙස් ලබාදී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිනී.බී දිසානායක මහතා පැවසීය.

නත්තල් උත්සවය වෙනුවෙන් හෙට හා අනිද්දා බන්ධනාගාරගත රැඳවියන් හට විවෘතව අමුත්තන් පෙන්වීමට තීරණය කර තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිනී.බී දිසානායක මහතා පැවසුවේ, බන්ධනාගාර නීතිරිති හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් දිවයිනේ සියලු බන්ධනාගාරවලදී එම කටයුතු සිදුකෙරෙන බවයි.

එක් රැඳවියකු වෙනුවෙන් ඥාති හිතමිතුරන් තිදෙනෙකුට පැමිණීමට අවස්ථාව ලබා දී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

සිරකරුගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් රැගෙන එන ලෙසත්, තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන නොඑන ලෙසත් මාධ්‍ය දැනුම් දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...