බන්ධනාගාර ආශ්‍රිතව 24 සහ 25 විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හෙට(24) සහ අනිද්දා(25) දින දෙක තුළ බන්ධනාගාර ආශ්‍රිතව පොලිසිය සමග එක්ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ දිනවල නේවාසිකයින් බැලීම සඳහා බහුල වශයෙන් අමුත්තන් පැමිණීමට ඉඩ ඇති බැවින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් සඳහා ඊට අදාල උපදෙස් ලබාදී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිනී.බී දිසානායක මහතා පැවසීය.

නත්තල් උත්සවය වෙනුවෙන් හෙට හා අනිද්දා බන්ධනාගාරගත රැඳවියන් හට විවෘතව අමුත්තන් පෙන්වීමට තීරණය කර තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිනී.බී දිසානායක මහතා පැවසුවේ, බන්ධනාගාර නීතිරිති හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් දිවයිනේ සියලු බන්ධනාගාරවලදී එම කටයුතු සිදුකෙරෙන බවයි.

එක් රැඳවියකු වෙනුවෙන් ඥාති හිතමිතුරන් තිදෙනෙකුට පැමිණීමට අවස්ථාව ලබා දී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

සිරකරුගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් රැගෙන එන ලෙසත්, තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන නොඑන ලෙසත් මාධ්‍ය දැනුම් දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...