මම පාවිච්චි කරන්නේ ලීටරයට කිලෝමීටර් 9ක් දුවන ජීප් එකක් – ඇමති වසන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රජය සතුව පවතින ඉහළ එංජින් ධාරිතාවයෙන් යුතු සුඛෝපභෝගී වාහන 2025 මාර්තු 31 වනදා වනවිට වෙන්දේසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර මේ වනවිට අදාළ වාහන වෙන්දේසි කිරීම සඳහා ඒවායේ අලුත්වැඩියා කිරීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“සමහර තැන්වල වාහන පෝලිම් තියෙන්නේ. සමහර ඇමතිවරුන්ට වාහන 7, 8, 10 එහෙම තිබුණේ. මම යද්දී මගේ අමාත්‍යාංශයේ වාහන 23ක් තියෙනවා. දැන් වාහන 23න් අපේ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලවල නිලධාරීන් සමහර වාහන පාවිච්චි කරනවා. සමහර වාහන පාවිච්චි කරන්නෙ නෑ. වාහන 10ක් විතර තියෙනවා පාවිච්චි කරන්නෙ නැති. V8 තුනක් තියෙනවා පාවිච්චි කරන්නෙ නැති. ඇමතිවරයාට තිබිච්චි V8 තුන පාවිච්චි කරන්නෙ නෑ”

ප්‍රශ්නය – ඔබ මොකක්ද පාවිච්චි කරන්නෙ දැන් ?

“ඒත් ආයතනයේ වාහනයක් තමයි පාවිච්චි කරන්නෙ”

ප්‍රශ්නය – V8 එකක් ?

“නෑ, නෑ … අපි කිව්වානෙ V8 වල යන එකම බර වැඩියිනෙ. තෙල් ලීටරයකට කිලෝමීටර් 4යි දුවන්නෙ”

ප්‍රශ්නය – ඔබ දැන් පාවිච්චි කරන්නෙ මොකක්ද ?

“සාමාන්‍යයෙන් අපෙ ජීප් එකක් පාවිච්චි කරනවා. ඒ ජීප් එක කිලෝමීටර් 9ක් දුවනවා තෙල් ලීටරයකට. ඒක අමාත්‍යාංශයේ වාහනයක්. මොකද අමාත්‍යාංශයෙන් තෙල් ටික ගහන්න ඕනෙ. නැතිව මට වෙන වාහනයකට තෙල් ගහන්න බෑනෙ, මොකද පෞද්ගලික වාහනයකට තෙල් ගැහුවා කියලා කියන්නෙ ඊටපස්සෙ”

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...