*
Wednesday, December 25, 2024
spot_img

Latest Posts

සුගත්ගේ කතා ගැන අපේ කතාවක්

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 24 ,(LNW)කොළඹ :

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ක්‍රීඩකයෙකු නිසාම පවතින බොහෝ ක්‍රීඩා උත්සව අවස්ථාවන් සඳහා ඔහුවම සහභාගි කරවීම සුලබ දසුනක් වී ඇත.එය ක්‍රීඩාවකින් ජයග්‍රහණය කරනු ලැබූ ක්‍රීඩකයෙකුට ඔලිම්පික් දක්වා සහභාගි වූ ක්‍රීඩකයෙකු අතින් ජය සංඛේත ලැබිමේ අවස්ථාව හිමිවන බැවින් ජයග්‍රාහකයාට අමුතු ගැම්මක් ඇති කිරිමකි.සතුටක් මතු කිරීමකි.
එහෙත් එය නිතර නිතර දැකීම මෙන්ම කිරීම ද සුදුසු නැත.ක්‍රීඩකයෙකුට වඩා රාජ්‍යමය වශයෙන් ක්‍රීඩාවට පරිපාලකයෙකු ලෙසින් සම්බන්ධ වීමේදී ඔහුට තව දුරටත් දත යුතු බොහෝ දේ වෙනුවෙන් සිතා බැලීමට සහ අධ්‍යයනයට අවශ්‍යය කාලය අඩු විය හැකිය.එසේම පරිපාලකයෙකු වශයෙන් ප්‍රශ්න නිරාකරණයේදී යම් පරිනත ස්වභාවයක් පෙන්වන ක්‍රීඩා අමාත්‍යවරයා ද,ඇත්ත ක්‍රීඩා පොළවට බැස,සැබවින්ම එහි ආශ්වාස ප්‍රාශ්වාස සිදුවන ආකාරය උගත යුතුව ඇත.


එහෙත් සුගත් මෙවර ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතාවලියේ ජයග්‍රාහකයන්ට සූරතා සහ කුසලාන පිරිනැමීමට එක්වෙමින් කී අපූරු කතාවක් කීවේය.ඒ ක්‍රීඩාවේ දී තමන් දකින්න කැමති තමන්ව පසු කර යා හැකි දක්ෂයන් බවය.පෞද්ගලිකව ගත් විට පසුගිය කාලය පුරාම තවමත් නොබිදී පවතින මීටර් 400 වාර්තාව බිඳ වැටෙනු දැකීමට සුගත් කැමත්තෙන් සිටින බව මේ ලියුම්කරු දන්නා කරුණක්ය.ඒ වාර්තාව බිඳ දැමිය හැකි අය මතුවන විට ඒ ගැනත්,ඔවුන්ට ඒ කඩ ඉමට ළඟාවීමට අපහසු ඇයි ද යන්නත්,කළ යුතු දේ කුමක්ද යන්නත් කතා කිරීමට බොහෝ වේලා ගත කර ඇති අතර දන්නා තරමින් ඒ දේවල් එම පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් සමඟද කතා කර ඇත.


ඉතිහාස පොතෙන් වාර්තාවක් ඉදිරියේ ඇති තම නම මැකී යාමට අකමැති අය අතර සුගත් ඉතිහාසයට වඩා අනාගතය යහපත්ව දැකීමට කැමති වීම සුබ නිමිත්තක්ය.ඔහු ඒ ගැන ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියෙන් පසුව මහනුවර බෝගම්බර ක්‍රීඩා සංකීරණය පිළිබඳ සොයා බැලීමට ගිය අවස්ථාවේදී පවසන්නේය.පෞද්ගලික අභිමතාර්ත ජය ගැනීම අපේක්ෂාවෙන් ක්‍රීඩාවට එන අය ඉදරියේදී අනවශ්‍ය බව සුගත් එහිදී පවසා ඇත.එහෙත් පෞද්ගලිකව පොදුවේ මේ රටේ ක්‍රීඩාව ජයගැනීම සිය අභිමතාර්ථය කර ගත් අය ක්‍රීඩාවට අනවශ්‍යය බව එම වචනවල නොරැදුණු බව අපි විශ්වාස කරන්නෙමු.


ඇත්තටම සුගත් ගේ එම වචනවලින් ඇතුළට කිදා බැස තේරුම් ගත යුතු ඇත්ත පෞද්ගලිකව ක්‍රීඩාව කෙරෙහි ජයග්‍රහණ ගෙන ඒමට සිය අභිමතාර්තය කරගෙන ඒ වෙනුවෙන් වෙහෙසෙන්නන් ක්‍රීඩාවට අවශ්‍යය බවය.මේ වන විටත් රටේ ක්‍රීඩාව විනාශකාරී ලෙස පාලනය කරපු ඇතැම් පිරිස් සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගැනීම නිසා ඔවුන් ජාත්‍යන්තර වශයෙන් වගකීම් දරන්නන් බවට පත් වී,රටේ ක්‍රීඩාව වෙනුවෙන් පොදු අරමුණකින් සංවර්ධනය පිණිස කැපවෙන අයට වින කැටීම සිඳු කරන අයුරුද අපි පස්ගිය කාලයේ දැක ඇත.හොඳම උදාහරණය රගර් ය.මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ පිළිතුර නම් ඒවා ඔහුගේ කාලයේ සිඳු නොවුණු ඒවා බවය.එහෙත් කාලයක් තිස්සේ නොසළකා හැර තිබෙන වැරදිවලින් තවමත් අකටයුතුකම් සිඳුවන්නේ නම් පස හාරා මුල් මතු කර මුල් පිටින් ඒවා විනාශ කර දැමිය යුතුව ඇත.


තවත් ආකාරයකින් බොක්සිං වලදී සුගත් පසු කළ යා හැකි ක්‍රීඩකයෙකු ඔහුට හමුවන්නට ඇතැයි අපි සිතන්නෙමු.ඒ උමයංග මිහිරාන් නම් අපූරු බොක්සිං ක්‍රීඩකයාය.අඩුම තරමේ ඔහුගේ පෝෂණ කටයුතු වෙනුවෙන් මැදිහත් විය හැකි අනුග්‍රාහකයෙකු සොයා දිය හැකිනම් එය අපූරු මැදිහත්වීමක් වනු ඇත.


ක්‍රීඩා අමාත්‍යවරයා හරහා මේ සඳහා පෞද්ගලික මැදිහත්වීමක් කළ හැකිය.අපට අපේ මුල් ගැන දැණුන බැදීමක් ඇලීමක් ඇත.ජපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථිකයෙකු වන මේ යොවුන් බොක්සිං ක්‍රීඩකයා වෙනුවෙන්,එහි ආදි විද්‍යාර්ථිකයෙකු වන ක්‍රීඩා අමාත්‍යවරයාට, ජපුර නාමයෙන් පිරිසක් එකතු කර අනුග්‍රාහ සංධානයක් ගොඩ නඟන්නට හොඳටම හැකියාව ඇත.රජයෙන් සැළසුම් සකස් කර,පෞද්ගලික අනුග්‍රාහකයන් සොයා මැදිහත්වීමට නැකත් හදන ක්‍රියාවලිය තෙක් ඉවසන්නට බැරි මෙවැනි අවශ්‍යයතා වෙනුවෙන් ලේ නලියන නහරයක් අල්ලා සනීප කිරීම ඉක්මන්ය.ජපුර නාමයෙන් ඒ වාඩේට පිරිසක් එකතු කර ගන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට පෞද්ගලිකව හැකි වෙනු ඇත.


ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි මේ සංස්කෘතික අනන්‍යතාවය වෙනුවෙන් වැඩ ගොඩක් කළ යුතුව ඇත.ක්‍රීඩාමය වූ සාහිත්‍යයක් සහ කලාවක් නැත.පුහුණු සංචිතවල,පුහුණු ආයතනවල පුස්තකාල සිනමා පට නැරඹිමේ පහසුකම් නැත.ජාතික ක්‍රීඩා විද්‍යායතනය සතුව දැවන්ත ක්‍රීඩාමය වටිනාකමක් සහිත පොත පත ඇත.එහෙත් එහි නිර්මාණාත්මක ලිවීම් සහිත ග්‍රන්ථ අඩුය.හොද කියවන්නෙකුට හොඳ අදහස් ඇති කර ගන්නට මෙන්ම නව මානයන් ස්පර්ශ කරන්නටද ඉඩ ඇත.නරඹන්නෙකුගේ තත්ත්වයද එබදුය.සංස්කාතියක් සැකසෙන්නේ පිට්ටනියේ සහ ක්‍රීඩාවට අදාළ චලනයන්වලින් පමණක් නොවන බව ක්‍රීඩාව ඉතා තරගකාරී දියුණු මට්ටමක ඇති ලෝකයේ උදාහරණවලින් දැක මැන ගැනීමට හැකිය.


ආර්ථිකය ක්‍රීඩාමය වන්නේ එවැනි සංස්කෘතික සමාජයකය.ක්‍රීඩාව කියවා ගන්න පුළුවන් ආදරය ඇති මිනිසුන් සකස් වෙන තෙක් සමාජයට ක්‍රීඩාව ආර්ථකයක් කර ගැනීම ගැන අවබෝධයක් ලෙස ඇත්තේ ක්‍රීඩා කරන අයට මොනවා හරි දෙයක් විකුණා හම්බ කිරිමේ තැනය.ක්‍රීඩා ආර්ථිකය ඊට වඩා සමාජ දැනුවත්වීමක් ඇතුළේ නිර්මාණය විය යුතු එකක් බව අපේ හැඟීමය.
මේ සියල්ල සුගත් යෝජනා කරන ක්‍රීඩාමය පාළමේ ඇණ මුරිච්චි ලෙස සවිමත්ව තිබිය යුතුය.ඒවා ඇතුලේ යතුරු වීමට අවශ්‍යය මාධ්‍ය කාර්යභාරයක් ද අවබෝධාත්මකව සිඳු විය යුතුය.ඒ නිසා පාළමෙන් බැස යන්නට මාධ්‍යයට බැරිය.

බැස යන්නට කියන්නට තව කෙනෙකුට ද නොහැකිය.පාලම යනු සියල්ලය.ඒ සියල්ලෙන් වෙන්ව නොගොස් සිටින්නට අපි කැමත්තෙමු.සුගත් පාළමේ සැකිල්ල ගැන අවබෝධයකින්,නිහතමානීව බොහෝ දේශපාලනඥයන්ට,ඔවුන්ගේ සේවකයන්ට මෙන්ම අමාත්‍යංශවල ඉහළ නිලධාරීන්ට නොතිබුණු ඇහුං කං දීමේ සහ නිවැරදි වීමේ හීනමානයෙන් බැහැරව කටයුතු කළ යුතුය.විශේෂයෙන් මෙච්චරක් ක්‍රීඩා කළ අපිට උගන්නන්න උන් කවුද වැනි උද්ධච්ඡකම් නිසා තමන්ටද ක්‍රීඩාවට ද වරද්දා ගත් දේශපාලකයන් මෙන්ම නිලධාරීන්ද අපි දැක ඇත්තෙමු.පැහැදිළිම උදාහරණය නාමල් රාජපක්ෂය.ඔහු ඔහුටත් වඩා ඔහුට සමීපව සිටි පිරිසගේ ඒ අදහස්වලින් විනාශය ළඟා කර ගත් බව අපි දුටුවෙමු.ඒ නිසා කවුරුන් හෝ තමන්ව ඔසවා තබන්නට හදන්නේ එතැනටනම් ප්‍රවේශම් විය යුතුය.එතැනින් බැස ඔබ දකින සිහින පාලම යථාර්තයක් කර ගත හැකිය.
ඡායාරූපයේ දැක්වෙන්නේ ක්ල්ෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ දී නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ජය සංඛේත ප්‍රදානයට එක් වූ අවස්ථාවකි.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan