ඉන්දියාවෙන් තවත් සහනයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ (LNW):

ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 2371 ප්‍රධානයක් නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දීමට නියමිතය.

ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය හරහා අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග, සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සවිබල ගැන්වීම් යන අංශ සඳහා වේ. මේ සඳහා ව්‍යාපෘති 33ක් හඳුනාගෙන ඇති අතර, මෙමගින් නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සහ එම පළාතේ ජනතාවගේ සමාජ සවිබල ගැන්වීමත් බලාපොරොත්තු වේ.

එහිදී, අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 315ක්, සෞඛ්‍ය සඳහා රුපියල් මිලියන 780ක්, කෘෂිකර්මාන්තය සඳහා රුපියල් මිලියන 620ක්, ධීවර කර්මාන්තය සඳහා රුපියල් මිලියන 230ක් ඇතුළුව ව්‍යාපෘති 33ක් සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 2371ක පිරිනැමීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...

ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රහාරය ඉරානයටද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිර්නාමික එක්සත් ජනපද...

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර...

ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය...