නායකයෝ ගත්ත තීරණ නිසා අපි අතරමං වුණා – දිලිත් ළඟ අලුත් ගමන හොඳයි කියල හිතනවා!

Date:

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලනික තීරණ ගැනීම ඉතා අපහසු වූ අතර එදා රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන්න කියපු අයම ජනාධිපතිවරණයේදී වෙනස් තීන්දුවක් ගැනීම නිසා දේශපාලනික ලෙස අතරමං වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

තමන්ද පසුගිය මහ මැතිවරණයට තරඟ නොකිරීමට හිතෙන තරමට දේශපාලනය ගැන කලකිරී සිටි බවත් එසේ වූයේ නායකයින් ගත් ක්‍රියාමාර්ග නිසා බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එදා නායකයින් ගත් තීරණ නිසා අප පමණක් නොව හැටනව ලක්ෂයක් ජනතාවද අතරමං වූ බව ඔහු කියාසිටියි.

එම තත්ත්වය මත අද දවස වනවිට යම් යම් තීරණ ගැනීමට සිදුව ඇති බවයි චන්ද්‍රසේන මහතා පවසන්නේ.

එම නිසා අලුත් ගමනක් යාම සඳහා තෝරාගත යුතු පක්ෂය,බලවේගය ලෙස දිලිත් ජයවීර මහතා නායකත්වය දෙන සර්වජන බලය තෝරාගත් බව හෙතෙම පවසයි.

පාක්ෂිකයින් ඇතුළු සියලු පාර්ශව සමඟ සාකච්ජා කර මෙම තීරණයට එළඹී බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

ඉදිරියට යා හැකි තැන ගැන අධ්‍යයනක් කර තේරුම් ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවද හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...