සහල් ආනයන කාලය තවදුරටත් දීර්ඝ වෙයි!

Date:

කොළඹ LNW:සහල් ආනයනය සඳහා අවසර ලබාදීමේ කාලසීමාව දීර්ඝ කර තිබේ.

ඒ අනුව සහල ආනයනය කිරීම සඳහා ලබා දී තිබෙන කාලය ලබන වසරේ ජනවාරි 10 තෙක් දීර්ඝ කර තිබෙන බව අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය 2025 වසරේ ජනවාරි මස අවසානය දක්වා පැවැතීමට ඉඩ ඇති බව නිරීක්ෂණය තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් සහල ආනයනය කාලය දීර්ඝ කිරීම සඳහා වන කැබිනට් යෝජනාව ඉදිරිපත් කර තිබුණ එම යෝජනාව සලකා බලා උක්ත තීරණය ගත බවයි නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...