එට්කා ගැන විතරක් නෙවෙයි ඕනෑම ගිවිසුමක් ගැන අපි සාකච්ජා කරනවා.තීරණ ගන්නේ රටේ අවශ්‍යතාව මත – කැබිනට් ප්‍රකාශක

Date:

කොළඹ LNW:ඕනෑම ජාත්‍යන්තර වෙළෙඳ හෝ ආරක්ෂක හෝ කුමනාකාර ගිවිසුමක් සම්බන්ධයෙන් වුවද තීරණ ගනු ලබන්නේ රටේ වුවමනාව මත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී එට්කා ගිවිසුම සම්බන්ධයෙන් රජයට එරෙහිව සිදුකරමින් පවතින මාධ්‍ය ප්‍රචාරයන්ට පිළිතුරු දෙමිනි.

එට්කා ගිවිසුම පමණක් නොව ඕනෑම රටක්, ආයතනයක් සම්බන්ධයෙන් පවතින ගිවිසුම් සම්බන්ධයෙන් රජය ලෙස සාකච්ජා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රටේ අවශ්‍යතාව කුමක්ද යන්න සලකා බලමින් ජනතා අභිලාෂයන් ප්‍රමුඛ කරගනිමින් රජය ලෙස කටයුතු කරන බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ඇතැම් පිරිස් යම් යම් බිය සැක සංකා මතුකර තිබුණ අතර ඔවුන්ගේ අවශ්‍යතාව රට තුළ තවදුරටත් ආර්ථික වර්ධනය අඩපණ කිරීම බවයි ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...