නාසා උණුසුම් වැඩකට අත ගසයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පළමු වතාවට අභ්‍යවකාශයානයක් සූර්යාගේ ඉතා ආසන්නයට ළඟා කරවිමේ ඉතිහාසගත මෙහෙයුමක් නාසා ආයතනය ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සූර්යාගේ වැඩිම ආසන්න දුර ප්‍රමාණයට ගමන් කර වාර්තාවක් පිහිටුවීම නාසා ආයතනයේ සැලසුම වී ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, පරීක්ෂණය සඳහා පාකර් සූර්ය ගවේෂණ අභ්‍යවකාශයානය යොදා ගෙන ඇති බවයි.

යානයට අධික උෂ්ණත්වයක් හා විකිරණශීල්තවයක් කොතරම් දුර ප්‍රමාණයක් තුළ දරා ගැනීමේ හැකියාවක් පවතින්නේ ද යන්න මෙහිදී අනාවරණය වනු ඇති අතර, නාසා ආයතනය නිවේදනය කළේ. දින කිහිපයක සිට පාකර්යානය පෘථිවිය සමග පවත්නා සන්නිවේදන සබඳතා ඇණහිට ඇති බවයි.

එම යානයෙන් දෙසැම්බර් 27 වනදා සංඥාවක් ලැබීමට නියමිත අතර එය සාර්ථකව ලැබුණහොත් යානය ගමන් කළ සමීපතම දුර සම්බන්ධයෙන් කරුණු අනාවරණය වනු ඇති අතර, නාසා ආයතනය සඳහන් කරන්නේ, අදාළ පරීක්ෂණය හරහා සුර්යාගේ හැසිරීම සම්බන්ධයෙන් නව කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...