නත්තල් කැරොල් ගීයෙන් සැරසුණු ජනාධිපති කාර්යාල පරිශ්‍රය!

0
222

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ (LNW):

අද (24) දිනයේත් , ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගයෙන් විචිත්ත්‍රවත් වේ..

ඊයේ (23 ) දෙවෙනි දිනටත්, ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණේ ඉතාමත් අලංකාරයක් ගෙන දෙමිණි.

ජනාධිපති කාර්යාල පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශය විදුලි පහන් ආලෝකය දල්වා නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ දෙවෙනි දිනය ආරම්භ කෙරුණු අතර ඊයේ දින නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලැබීය.

අද (24) දිනයේදී ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

දිනපතා රාත්‍රී 7.00 සිට මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර් 25 වන දා තෙක් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.