මම දැක්කා විපක්ෂය මේ දවස්වල එන්නතක් අල්ලන් කෙඳිරි ගානවා. ඕවා විකාර කතා – මාලිමා මන්ත්‍රී උපුල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රමිතියෙන් බාල එන්නතක් සම්බන්ධයෙන් විපක්ෂය ආණ්ඩුවට එල්ල කරන චෝදනා විකාරයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම මහතා පවසයි.

“ඇත්තටම මේ ආපදාව ඇතුළෙ නායගිහින් තියෙන්නෙ විරුද්ධ පක්ෂය. අද වෙනකොට යූඑන්පී එකක් නෑ, පොහොට්ටුවක් නෑ, ශ්‍රීලනිපයක් නෑ, සජබයක් නෑ, මේ ඔක්කොම නන්නත්තාර වෙලා තියෙන්නෙ. මේ පක්ෂවලින් යැපිච්ච, මේ පක්ෂවල ඉඳුල් කකා, මේක ඇතුළෙ පෝෂණය වෙච්ච පණුවෝ වගේ කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලො දඟළනවා ඉතින් ඒගොල්ලන්ගෙ අනාගතය අහිමිවීම පිළිබඳ වේදනාවෙන්. පැහැදිලි විවේචනයක් ආණ්ඩුවට ඉදිරිපත් කරන්න මේගොල්ලන්ට පුළුවන්කමක් නෑ. ඉතින් නමක අවුලක්, උපාධියක අවුලක්, ඇක්සිඩන්ට් එකක් අල්ලන් මේගොල්ලන්ට කෙඳිරි ගහා ඉන්න පුළුවන්. මම දැක්කා මේ දවස්වල එන්නතක් සම්බන්ධයෙන් විපක්ෂය කෙඳිරි ගගා ඉන්නවා. ඒවා මං හිතන්නෙ විකාර කතා. මේ 2021 දීපු ටෙන්ඩර් එකකට ගෙන්නපු ඖෂධ සම්බන්ධයෙන් මේ ඇතිවෙලා තියෙන කතාබහේදී ආණ්ඩුවක් හැටියට ඉතා ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා, ඒවා තහනම් කරලා, ඒවා පිළිබඳ පරීක්ෂණ පවත්වලා අවශ්‍ය මැදිහත්වීම කරලා තියෙනවා. මෙහෙම කැපවෙච්ච ආණ්ඩුවක්, මෙහෙම වැඩකරන ජනාධිපතිවරයෙක්, මෙහෙම වැඩකරන කැබිනට් එකක්, මෙහෙම වැඩකරන මන්ත්‍රීවරු, මං හිතන්නෙ මිනිස්සු තමන් ලබාදීපු ඡන්දයට ප්‍රතිඵල ලබමින් ඉන්න රටක් දැන්”

පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම මහතා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ප්‍රමිතියෙන් බාල එන්නතක් හේතුවෙන් මරණ දෙකක් මේ වනවිට වාර්තා වී ඇතැයි චෝදනා එල්ල වී ඇති අතර ප්‍රමිතිය සම්බන්ධ ගැටලු මත අදාළ එන්නත ඇතුළු ඖෂධ වර්ග 10ක් රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා කටයුතු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...