මාලිමාව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ද පරාජයට පත්ව තිබේ.

එම ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වූ අයවැය ලේඛනය ඊයේ (23) දිනයේදී එහි සභාපති අසිත රණවීර විසින් සභාවට ඉදිරිපත් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්ද 20ක් හිමිව තිබූ අතර අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 18ක් පමණි.

ජාතික ජන බලවේගය මෙම සභාවේ බලය පිහිටුවා තිබුණේ එක්සත් ජාතික සන්ධානයේ සහායෙන් වන අතර එම පක්ෂයේ ෆාතිමා නුස්රත්ට උපසභාපති ධුරය ද ලබාදී තිබිණි. කෙසේවෙතත් අයවැය ඡන්ද විමසීමේදී එම උපසභාපතිවරිය ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

ජාතික ජන බලවේගය රහස් ඡන්ද හරහා බලය පිහිටවූ කොළඹ මහ නගරසභාව ඇතුළු පළාත් පාලන ආයතන රැසක අයවැය පරාජයට පත්වූ ආකාරය පසුගිය දිනවල දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...