මාලිමාව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ද පරාජයට පත්ව තිබේ.

එම ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වූ අයවැය ලේඛනය ඊයේ (23) දිනයේදී එහි සභාපති අසිත රණවීර විසින් සභාවට ඉදිරිපත් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්ද 20ක් හිමිව තිබූ අතර අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 18ක් පමණි.

ජාතික ජන බලවේගය මෙම සභාවේ බලය පිහිටුවා තිබුණේ එක්සත් ජාතික සන්ධානයේ සහායෙන් වන අතර එම පක්ෂයේ ෆාතිමා නුස්රත්ට උපසභාපති ධුරය ද ලබාදී තිබිණි. කෙසේවෙතත් අයවැය ඡන්ද විමසීමේදී එම උපසභාපතිවරිය ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

ජාතික ජන බලවේගය රහස් ඡන්ද හරහා බලය පිහිටවූ කොළඹ මහ නගරසභාව ඇතුළු පළාත් පාලන ආයතන රැසක අයවැය පරාජයට පත්වූ ආකාරය පසුගිය දිනවල දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...