කොළඹ අයවැය පැරද්දුවේ අපි – උදම් අනන ජයසුමන!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය ජන්දයේදී තීරණාත්මක ජන්ද දෙක බවට පත්වූයේ සර්ව ජන බලයේ මන්ත්‍රී දෙපළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අවසන් මොහොත වන විට අයවැයට පක්ෂව සහ විපක්ෂව සම තත්ත්වයක් පැවති අතර ඒ අනුව සර්ව ජන බලයේ ජන්ද දෙක අයවැයට විරුද්ධව ලබාදිය යුතු බවට තීරණය කළ බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මංගල අයවැය පරාජය කිරීමට හැකිවූ බව ඔහු තවදුරටත් කියා සිටියි.

”මේකෙන් පේන කාරණය තමයි රහස් ජන්ද තියල වංචනික ලෙස ඒවගේම අක්‍රමික ලෙස පිහිටුවන ලද සියලු සභාවන් වල තත්ත්වය මෙයින් මැනවින් පෙනී යනවා. අද එකින් එක අයවැය පරාජය වෙන්නේ අක්‍රමික ලෙස වංචනික ලෙස රහස් ජන්ද තියල මාලිමාව ලබාගත්ත සභා. කොමසරිස්තුමියල ඇවිල්ලා රහස් ජන්ද ලබාදීලා සභා පිහිටෙව්වට කොමසරිස්තුමියලට බැහැ සභා දිගටම පවත්වාගෙන යන්න. ඒක තමයි මේකෙන් පේන කාරණය. මාලිමා රජය දිගින් දිගටම ජනතා විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් ජනතාව පීඩාවට ලක් කරනවා නම් අද කොළඹ මහ නගර සභාවට වුණ දේ තමයි වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා මේ රජයටත් වෙන්නේ කියන කාරණය කියල අපි සිහිපත් කරන්න කැමතියි.” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...