*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/24

1. ලංවිම ඉංජිනේරු සංගමය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් පිටත විරෝධතාවයක නිරත වීමට සැරසෙයි! – දෙසැම්බර් 31 වනදා ගල් අඟුරු තොග අවසන් වන බව අවධාරණය කරන අතර එය ආසන්න වශයෙන් පැය 10 ක විදුලිය කප්පාදුවකට තුඩු දෙනු ඇති බව ද පවසයි – අවධානය යොමුකළ කරුණු ගැන හඬ නැඟීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයට වෘත්තීය සමිති සාමාජිකයන්ට එරෙහිව නීතිමය පියවර ගත නොහැකි බව අවධාරණය කරයි.

2. දැනට පවතින ගල් අඟුරු තොග 2023 ජනවාරි 2 වැනිදා අවසන් වන බවත්, නව තොග මෙරටට නොපැමිණියහොත් ඉංජිනේරුවන් අනතුරු ඇඟවූ විදුලිය විසන්ධි කිරීම යථාර්ථයක් වනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

3. වතු සමාගම්වලට ලැබෙන ඉඩම් ප්‍රතිපාදන කපා දමන මුත්, ජනතාවට ඉඩම් ලබාදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – 2023 පෙබරවාරි 4 වන විට මේ පිළිබඳ සියලු වැඩකටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි.

4. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වත්මන් තත්ත්වයට හේතු වූ කරුණු පිළිබඳව කඩිනම් පරීක්ෂණ පවත්වා එය අධ්‍යාපන කටයුතු සඳහා යළි විවෘත කිරීමට පියවර ගත යුතු බව මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරු පවසති.

5. බහුතර සිංහල-බෞද්ධයන් අතර “බෝර්න් අගේන්” (born-again) ක්‍රිස්තියානුවන් ගැන බියක් ඇති කිරීමට උත්සාහ කරන ව්‍යාපාරයක් පවතින බව සමඟි ජන බලවේගයේ පා.ම. සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි – “බෝර්න් අගේන්” (යළි-උපන්න) යනු බුද්ධාගමේ ථෙරවාද, මහායාන වැනි නිකායන් මෙන් ක්‍රිස්තියානි ආගමේ නිකායක් බව ද පවසයි.

6. 2022 දෙසැම්බර් 31 දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ වෙත වසරක සේවා දිගුවක් ලබා දෙයි – ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ජෙනරාල් (විශ්‍රාමික) එච්.එස්.එච්.කෝට්ටේගොඩ ද පත් කරයි.

7. “ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තාවකාලික ගිවිසුමට එළැඹුණු” අවස්ථාවේ සිට “ණයහිමි සාධාරණත්වය” සඳහා වූ අවශ්‍යතාවය පිළිබඳව ඉන්දියාව විසින් අවධාරණය කර ඇති බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි – තව ද “අපට සේතු මූල්‍යකරණයකින් (bridge financing) තොරව කළමනාකරණය කළ හැකි බවත්, ජූලි මාසයේ සිට ආර්ථිකය කළමනාකරණය කර ගත්තේ එලෙ‍ස” බවත් පවසයි – නන්දලාල් වීරසිංහ දැනට මාස 9කට ආසන්න කාලයක් මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කර ඇතත්, නව මූල්‍ය ගලා ඒමක් ලෙස එකඳු ඩොලරයක්වත් ලබා ගැනීමට සමත් වී නැත.

8. මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන අයුරින් විදුලි බිල වැඩි කරන්නේ නම්, පැමිණිල්ලකින් තොරව පාර්ශවකරුවකු ලෙස මැදිහත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

9. 2022 තුන්වන කාර්තුවේදී ආර්ථිකය දැවැන්ත කම්පනයකට ලක්ව ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි – කාර්මික අංශයේ පහත වැටීම 21.2% ක දැවැන්ත ප්‍රතිශතයක් ගන්නා අතර, කෘෂිකර්ම අංශය 1.7% කින් සහ සේවා අංශය 2.1% කින් පහත වැටී ඇත.

10. උත්සවයක් සඳහා ප්‍රමාද වී පැමිණීම හේතුවෙන් එහි ප්‍රධාන ආරාධිත රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්ට දකුණු කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සුං ලී ප්‍රසිද්ධියේ තරවටු කරයි – එවන් ප්‍රමාදයක් කොරියාවේ සිදු වූයේ නම්, එම පුද්ගලයා එම තනතුරෙන් ඉවත් කර එම තනතුරට නුසුදුසු යැයි සලකනු ලබන බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan