ආර්.එම්.වී කාක්කෝ …

Date:

නීති විරෝධී ක්‍රියාවල නිරත වෙමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අවට රැඳී සිටි තැරැව්කරුවන් විසි දෙදෙනකු ඊයේ (23 දා) අත්අඩංගුවට ගත් පොලීසිය ඔවුන් සතුව තිබී ව්‍යාජ රබර් මුද්‍රා, ව්‍යාජ ලිපි ලේඛන ඇතුළු තවත් භාණ්ඩ රැසක් සොයාගෙන ඇත.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. එච්. මාරපන මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඊයේ පෙරවරුවේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අවට තැරැව්කරුවන්ගේ පාරාදීසයක් බවට ලැබී තිබූ තොරතුරු මත මෙම වැටලීම කළ අතර ඒ සඳහා බොරැල්ල, කුරුඳුවත්ත පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු ද එක්ව සිටියහ.

මෙම තැරැව්කරුවන් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව අවට රැඳී සිටිමින් පාරිභෝගිකයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන කූට ලේඛන සැකසීම, ව්‍යාජ බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු දූෂණ ක්‍රියා රැසක් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...