වීඩියෝව සහ ඡායාරූප පිළිබඳව ආශු මාරසිංහගෙන් CIDයට පැමිණිල්ලක් (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා තමන් සම්බන්ධයෙන් පැතිර යන වීඩියෝව සහ ඡායාරූප පිළිබඳව අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිය නීතීඥවරයා සමග පිටතට පැමිණි ඒ මහතා මාධ්‍ය වෙත පැවසුවේ අදාළ වීඩියෝ පටය සහ ඡායාරූප සියල්ලම සංස්කරණය කරන ලද ඒවා බවයි.

එසේම ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ද ඒ මහතා ප්‍රතික්ෂේප කළ අතර ඔහුගේ නීතීඥවරයා මාධ්‍ය වෙත වැඩිදුර කරුණු ප්‍රකාශ කළේය.

එම නීතීඥවරයා පැවසුවේ ඊයේ දිනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූ ආදර්ශා කරඳන නම් කාන්තාව සහ ආශු මාරසිංහ මහතා අධ්‍යක්ෂ ධුර දරණ සමාගමක ආරවුලක් ඇතිවී තිබුණු බවත් ඒ වෙනුවෙන් ඇය මාරසිංහ මහතාගෙන් විශාල මුදලක් ඉල්ලා ඇති බවත් ය. එවන් පසුබිමක ඇය මෙවැනි අසත්‍ය සහ පිළිකුල් සහගත තර්ජනයක් සිදුකර ඇති බවත් ඒ තර්ජනය සම්බන්ධයෙන් මාරසිංහ මහතා අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් බවත් නීතීඥවරයා එහිදී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...