ඉදිරි සාගතයේ වගකීම පාදෙනිය, රතන හිමි, යාපා, වීරක්කොඩි බාරගන්න ඕනෑ – හිටපු කෘෂි ලේකම් (VIDEO)

Date:

එක රැයින් සමස්ත රටම කාබනික ගොවිතැනට හැරවීමේ තීන්දුව මෝඩ තීන්දුවක් බවත් එම තීන්දුව ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පෙළඹවූයේ මූලික වශයෙන්ම පුද්ගලයින් 4 දෙනෙකු විසින් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා, පසු අස්වනු කළමනාකරණ ආයතනයේ සභාපති පාලිත වීරක්කොඩි යන සිව් දෙනා මෙසේ ජනාධිපතිවරයාව මීට පෙළඹ වූ බවයි මහාචාර්ය උදිත ජයසිංහ මහතා සඳහන් කළේ.

ඉදිරියේදී අනිවාර්යයෙන්ම රට තුළ සාගතයක් ඇතිවන අතර එහි වගකීම මෙම උපදේශකයින් විසින් භාරගත යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

මහාචාර්ය උදිත ජයසිංහ මහතා මේ බව පැවසුවේ ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...