ඉදිරි සාගතයේ වගකීම පාදෙනිය, රතන හිමි, යාපා, වීරක්කොඩි බාරගන්න ඕනෑ – හිටපු කෘෂි ලේකම් (VIDEO)

Date:

එක රැයින් සමස්ත රටම කාබනික ගොවිතැනට හැරවීමේ තීන්දුව මෝඩ තීන්දුවක් බවත් එම තීන්දුව ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පෙළඹවූයේ මූලික වශයෙන්ම පුද්ගලයින් 4 දෙනෙකු විසින් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා, පසු අස්වනු කළමනාකරණ ආයතනයේ සභාපති පාලිත වීරක්කොඩි යන සිව් දෙනා මෙසේ ජනාධිපතිවරයාව මීට පෙළඹ වූ බවයි මහාචාර්ය උදිත ජයසිංහ මහතා සඳහන් කළේ.

ඉදිරියේදී අනිවාර්යයෙන්ම රට තුළ සාගතයක් ඇතිවන අතර එහි වගකීම මෙම උපදේශකයින් විසින් භාරගත යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

මහාචාර්ය උදිත ජයසිංහ මහතා මේ බව පැවසුවේ ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...