වගකීමෙන් කියන්නේ, ලබන වසරේ කිසිදු ආහාර හිඟයක් ඇතිවෙන්නේ නෑ – ඇමති මහින්දානන්ද (VIDEO)

Date:

ලබන වසරේ කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බව තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

“රසායනික පොහොර සමාගම්වල නියෝජිතයින් පවසනවා ආහාර හිඟයක් ඇතිවෙනවා කියලා. අද දිනයේ මම ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම කෘෂි ක්ෂේත්‍රයේ නිලධාරීන් සමග සමාලෝචනයක් කළා. ලක්ෂ 8ක් වගා කරලා තියෙනවා, නිෂ්පාදනයේ පොඩි අඩුවීමක් වෙයි, නමුත් කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බව ඔවුන් ශපථ කළා.

එළවලු සඳහා පොහොර අපි ආනයන කරලා තියෙනවා. ජනවාරි පොහොර ටික එනවා. ඒ නිසා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මම වගකීමකින් කියනවා ලබන වසරේ මේ රටේ කිසිදු ආහාර හිඟයක් ඇතිවෙන්නේ නැති බව”

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ හදිසි...

නැවත අනවසර ඉදිකිරීම් බැහැ. ජනපති දැඩි තීන්දුවක!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක්...

දිත්වා මම සහ මගේ පොල්ගහ…

මම මේ දිත්වා ආපදාවට දින කිහිපයකට කලින් පෝස්ට් එකක්...

ආපදාවෙන් අවහිර වූ මාර්ග 85%ක් විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : ආපදාවෙන් අව­හිර වූ...