*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

පිටපිට දෙවැනි වරටත් ජැෆ්නා LPL කිරුළ ඩැහැගනී

2021 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ඊයේ අවසන් වූයේ ජැෆ්නා කිංග්ස් පිළට ශූරතාවය හිමිකර දෙමිනි. පසුගිය වසරේදී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ වූ අතර ඒ අනුව එවරද ශූරතාවය දිනා ගත්තේ ජැෆ්නා කණ්ඩායමයි.

පසුගිය වර මෙන්ම මෙවරද අවසන් තරගයට ජැෆ්නා සමග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සුදුසුකම් ලබාගත් අතර කෙසේ නමුත් මෙවරද අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සිදුවිය.

තරගාවලියේ මූලික වටයේදී කණ්ඩායම් දෙක අතර පැවති තරග දෙකේදී මෙන්ම එලිමිනේටර් තරගයේදීද ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඒ අනුව ඔවුන් ඊයේ අවසන් තරගයට පැමිණියේ ජයග්‍රාහී මානසිකත්වයකිනි. කෙසේ නමුත් වාසනාව තවදුරටත් ඔවුන් සමග නොසිටි අතර අවසානයේදී ශූරතාවය අභිමුවට පැමිණ ලකුණු 23 කින් සිය ප්‍රතිවාදීන් හමුවේ පරාජයට පත්වීමට භානුක රාජපක්ෂ ප්‍රමුඛ ග්ලැඩියේටර්ස්ලාට සිදුවිය.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ජැෆ්නා නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. එය සාර්ථක තීරණයක් බවට පසක් කරමින් නැවතත් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ජැෆ්නා ආරම්භක පිතිකරුවන් සමත් වූ අතර ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 56 කි. එම ආරම්භය තවදුරටත් පවත්වාගෙන යමින් තරගාවලියේ තෙවැනි වතාවටත් ලකුණු 200 ඉක්මවා යමින් ලකුණු 202 ක අභියෝගයක් සිය ප්‍රතිවාදීන්ට ලබාදීමට ජැෆ්නා පිතිකරුවන් සමත් විය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 63 ක් හා ටොම් කොහ්ල කැඩ්මෝර් ලකුණු 57 ක් වාර්තා කළ අතර රමනුල්ලා ගුර්බාෂ් වේගවත් ලකුණු 35 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ග්ලැඩියේටර්ස් ආරම්භක පිතිකරු යුගලය, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක වේගවත් ආරම්භයක් ලබාදෙමින් පන්දුවාර 4.2 කදී ලකුණු 63 ක් වාර්තා කළ අතර ඊට වැඩි දායකත්වයක් ලබාදුන් ධනුෂ්ක ගුණතිලක පන්දු 21 කදී ලකුණු 54 ක් වාර්තා කළේය. එම වේගවත් ආරම්භය එලෙසම පවත්වාගෙන යාමට සෙසු පිතිකරුවන් අසමත් වීම නිසා සිය පන්දුවාර 20 අවසානයේදී ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 09 ක් දැවී ලකුණු 178 ක් පමණි.

පන්දු යැවීමේදී සාර්ථක වූ වනිඳු සහ චතුරංග සොයුරු යුගලය කඩුලු 04 ක් දවා ගැනීමට සමත් විය.

අවසන් තරගයේ වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද හිමිකර ගැනීමට ජැෆ්නා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සමත් විය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan