පොදු සන්ධානය ගොඩනැඟීමේ බලය සජිත්ට. සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණ කිහිපයක්

Date:

ලබන වසරේ එන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා පොදු සන්ධානයක් ගොඩනැඟීමේ බලය නැවත වතාවක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.

“සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම, මේ වසරේ අවසාන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හැටියට අපි අද රැස්වුණේ. ඒකෙදි මූලික වශයෙන්ම තීරණ කිහිපයක් ගත්තා. එක තමයි ලබන වර්ෂයේ එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා පොදු සන්ධානයක් ගොඩනැඟීමේ බලය නැවත වතාවක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට පැවරුවා. ඒ අනුව, එතුමා නායකයා වශයෙන් ගතයුතු සුදුසුම තීරණ අරගෙන පක්ෂය ශක්තිමත් කිරීමට තමයි ඒ තීරණය ගනු ලැබුවේ. ඒ වගේම අපි ඉදිරි වර්ෂය වෙනුවෙන් සියලුම සංවිධායකවරුන් සහ කණ්ඩායම් දැනුවත් කිරීම සඳහා වැඩමුළු ගණනාවක් සංවිධානය කරන්නත්, ඒ වගේම රටේ ජනතාව මුහුණ පාන දැවැන්ත ප්‍රශ්න ගැන තවදුරටත් දැනුවත් කරන්න සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන්නත් තීරණය කරලා තිබෙනවා”

ප්‍රශ්නය – දැන් මේ නිදහස ජනතා සභාව එකතුවෙනවා කියලා කතාවෙනවා. කොහොමද ඒක වෙන්නෙ ?

“ඒ ගැන තීරණය කිරීමේ වගකීම සහ බලය සම්පූර්ණයෙන්ම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට පැවරුවා. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේ ජයග්‍රහණය සඳහා සුදුසු සියලු කණ්ඩායම් ඒකාබද්ධ කරගන්න කියලා. ඒනිසා ඒ පුද්ගලයින්ද, සංවිධානද, දේශපාලන පක්ෂද කියන කාරණය පක්ෂ නායකතුමා තීරණය කරයි”

තිස්ස අත්තනායක මහතා මේ බව පැවසුවේ පෙරේදා (22) පස්වරුවේ පැවති සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...