*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ජනපති රනිල්ගේ පළමු මනාපය මටයි – චම්පික කියයි !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු තේරීම වී ඇත්තේ තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික කරණවක මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා නිදහස ජනතා සභාවේ නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡා කළ අවස්ථාවේදී ය.

1965 වසරේ උපන් අච්චිගේ පාඨලී චම්පික රණවක මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිය ලත් විදුලි ඉංජිනේරුවරයෙකි. ඒ මහතා 2007 වසරේදී ජාතික ලැයිස්තුවෙන් මුල්වරට පාර්ලිමේන්තුවට පත්වූ අතර 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු සමයේ විදුලි බල සහ බලශක්ති, තාක්ෂණික හා පර්යේෂණ පිළිබඳ අමාත්‍යවරයා ලෙසත් පාරිසරික හා ස්වභාවික සම්පත් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය. 2015 වසරේදී යහපාලන රජය යටතේ නැවත විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසත් පසුව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ඒ මහතා කටයුතු කළේය.

විශේෂයෙන්ම යහපාලන රජය සමයේ දක්ෂ හා කාර්යශූර අමාත්‍යවරයෙකු වශයෙන් ඔහු කැපී පෙනුනු අතර එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ද ඉහළම ප්‍රසාදය ඔහුට හිමිව තිබිණි.

ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ හා සංවිධාන කිහිපයකම නායකයා වශයෙන් කටයුතු කළ ඒ මහතා මේ වනවිට එක්සත් ජනරජ පෙරමුණේ නායකයා වශයෙන් කටයුතු කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් ජාතික ජන බලවේගය ප්‍රමුඛ වාමාංශික කඳවුරට එරෙහිව දක්ෂිණාංශික කඳවුරෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු ශක්තිමත්ම අපේක්ෂකයා රණවක මහතා බවත් පවසමින් සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපෘතියක් ද රණවක මහතාගේ අනුගාමිකයින් විසින් මේ වනවිට ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ දියත් කර තිබෙනු දක්නට ලැබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan