*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

රටේ ප්‍රතිසාධානය තුළට සියල්ල ඇතුළත් කිරීමේ අවශ්‍යතාව – ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ආණ්ඩුවේ විශාලම සාර්ථකත්වය වී ඇත්තේ රට මුහුණ දෙන බරපතලම ගැටලු, අන්තර්ජාතික ප්‍රජාව ඇතුළු ආර්ථික පිරමීඩයේ ඉහළම තැන්වල සිටින අයට නොපෙනෙන සහ සමහර විට අදාළ නොවන තත්ත්වයට පත්කිරීමයි. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන් ගෙන ඇති බව දැක්වෙන සංඛ්‍යාලේඛන පෙන්වාදීමට රජය සමත්ව ඇත. පසුගිය කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 1.6ක් ලෙස ධණාත්මක වේ. මෙම වර්ධනය අනාගතයේදී ද පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේවෙතත්, මෙම කාලසීමාව තුළ දරිද්‍රතා මට්ටම ජනගහණයෙන් හතරෙන් එකක් වන සියයට 25 දක්වා දෙගුණයක් වී ඇති බව පවසන තවත් සංඛ්‍යාලේඛන මාලාවක් තිබේ. ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු දැනට ආනයනය සඳහා වැඩි වියදමක් දරන බව රේගු අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇති අතර, නත්තල් සැරසිලිවල වර්ධනයෙන් එම ලකුණු දැකගත හැකිය. ඒ අතරතුර කුසගින්නෙන් සහ මන්දපෝෂණයෙන් පෙළෙන මිනිසුන්ගේ දුක් වේදනා නොපෙනී ගොස් තිබේ.

අනෙක් ප්‍රධාන ගැටලුව වන්නේ, දශක තුනක යුද්ධයට තුඩුදුන් ජනවාර්ගික ගැටුම, නොපෙනෙන ලෙස පසුබැස ඇති නමුත්, යටින් බුබුලු දමමින් පැවැතීමයි. එය වහා අවධානය යොමුකළ යුතු දැවෙන ප්‍රශ්නයක් ලෙස රජයට හෝ බහුතර ජනතාවට නොපෙනේ. ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන්, පෙබරවාරි 04 වැනි දින, නිදහස් දිනය වන විට ජනවාර්ගික ගැටුම විසඳීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් ප්‍රතිඥා දුන් විට, එය සැබෑවක් ලෙස පෙනෙන්නට තිබිණි. එහෙත් මෙවැනි පොරොන්දුවක් දුන් පළමු පුද්ගලයා ඔහු නොවීය. යුද්ධය අවසන් වී කඩිනම් දේශපාලන විසඳුමක් සඳහා අන්තර්ජාතික ප්‍රජාව බලපෑම් කරන විට, මීට පෙරත් මෙවැනි පොරොන්දු ලබාදී තිබිණි. වසර තුනක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානමකට ගෙන ගිය යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් බදු සහනය ඉවත් කිරීම වැනි සම්බාධක පැනවෙනු ඇතැයි වැනි තර්ජන හමුවේ එවැනි පොරොන්දු ලබාදෙනු දැකගත හැකි විය.

වාර්ගික ගැටුම සඳහා දේශපාලන විසඳුමකට එළැඹීමට දීර්ඝ කාලීනව අපොහොසත් වීම සම්බන්ධයෙන්, වගවීම පිළිබඳ ගැටලු විසඳීමට අන්තර්ජාතික ප්‍රජාව සමඟ කටයුතු කිරීම වෙනුවෙන් රජයට සැලසුමක් ඇති බව පෙනේ. රජය එක් අතකින් මානව හිමිකම් පිළිබඳ මීළඟ එක්සත් ජාතීන්ගේ සැසිවාරය මාර්තු මාසයේදී පැවැත්වෙන විට, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමේ සැලසුමක් සමඟ ඉදිරියට ගමන් කරමින් පවතී. ඒ වෙනුවෙන් සූදානම් කිරීමේ කටයුතුවල නියැලී සිටින රජය සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් වෙනුවෙන් දැනටමත් අතුරු ලේකම් කාර්යාලයක් පිහිටුවා ඇත. අනෙක් අතට ජනවාර්ගික ගැටුම දේශපාලන විසඳුමකින් විසඳීමට රජය උනන්දු වන බවට ඉඟියක් ද ලබාදෙමින් තිබේ. දෙමළ ඩයස්පෝරාවේ කොටසක් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පිරිසක් එක්ව එකඟතාව පළකළ ‘හිමාලය ප්‍රකාශය’ ඔස්සේ එවැනි විසඳුමකට පුළුල් රාමුවක් සැපැයිය හැකිය. අතීතයේ දෙමළ ඩයස්පෝරාව සහ බෞද්ධ භික්ෂූන් ප්‍රශ්නයේ දෙපැත්තේ සිටින ‘එදිරිවාදීන්’ ලෙස සැළකිණි. කෙසේවෙතත්, අවබෝධතාව අනුව සිදුකෙරෙන ඕනෑම උත්සාහයක්, ඒ සඳහා පවතින හැකියාවක් හෝ විභව විසඳුමක් ලෙස දැකිය යුතු අතර, ඒ සම්බන්ධයෙන් තමන්ගේම කුසලතා මත සළකා බැලිය හැකිය.

අන්තර්ජාතික සහාය

ජනමාධ්‍ය වාර්තාවලට අනුව, කල්පවත්නා සංහිඳියාවක් සඳහා පශ්චාත් යුද සම්මුතියකට එළඹීමට අදහස් කරන රජය සහ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ නැවුම් සංවාදයක් පැවැත්වීම සඳහා, දැනට ක්‍රියාත්මක ගෝලීය දෙමළ සංසදයේ (GTF) මුලපිරීම වෙනුවෙන් එක්සත් ජනපදය සිය සහාය ප්‍රකාශ කර තිබේ. පසුගිය දෙසැම්බර් 12 වැනි දින ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී, එක්සත් රාජධානියේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් ප්‍රමුඛ GTF නියෝජිත පිරිස සහ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝරත්නයේ නියෝජිතයන් හමුවීමෙන් අනතුරුව, එක්සත් ජනපද තානාපති ජුලී චුන්ග් ප්‍රකාශ කළේ, සියලු අවබෝධය සහ කල්පවත්නා සංහිඳියාවක් අපේක්ෂාවෙන්, ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කිරීමේ ඔවුන්ගේ මුලපිරීම එක්සත් ජනපදය සාදරයෙන් පිළිගන්නා බවයි. ගැටලුව වන්නේ, මෙම මුලපිරීම පවා, තමන් සමීකරණයෙන් ඉවත් කර ඇති යැයි අදහස් කරන දෙමළ ජනතාව සහ ඩයස්පෝරාව විසින් සිදුකරන උපක්‍රමයක් ලෙස සැළකීමයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව දිගටම සක්‍රීයව පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව 2024 සැප්තැම්බර් මාසයේදී තීරණය කරනු ඇත. එක්සත් ජාතීන්ගේ පද්ධතිය විසින් මෙතෙක් පනවා ඇති සම්බාධක ජය ගැනීමට රජය ශක්තිමත් ස්ථානයක සිටිනු ඇත. රුසියාව-යුක්රේනය, ඊශ්‍රායලය-පලස්තීනය යන රටවල පවතින යුද ගැටුම් සහ එහි සිදුවෙමින් පවතින බිහිසුණු මානව හිමිකම් කඩකිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමුනොවනු ඇතැයි රජය සිතනවා විය හැකිය. යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ඊශ්‍රායලයට එරෙහිව චෝදනා එල්ල කිරීමේදී දකුණු අප්‍රිකාව යම් පමණකට තනි වී ඇත. ප්‍රකෝපකරණය නොතකා සිවිල් වැසියන්ගේ ආරක්ෂාව මත පදනම් වූ ලෝක පර්යාය නැවත ගොඩනැගිය යුතුව ඇත.

කෙසේවෙතත්, උතුරේ සහ නැඟෙනහිර ප්‍රදේශවල සමාන ආර්ථික දුෂ්කරතා හැරුණු විට, ජනතාව අසමාන ලෙස සැළකීමේ තවත් අභියෝගයකට මුහුණදෙයි. එය පැහැදිලිවම වෙනස්කොට සැළකීමට සමාන වේ. 1987 දී දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස උසස් කළ ද, දෙමළ බහුතරයක් වෙසෙන උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාවට රජයෙන් ලිපි ලැබෙන්නේ සිංහල භාෂාවෙනි. පොලිසියට ගිය විට ඔවුන්ට මුහුණදීමට සිදුව ඇත්තේ, තමන්ට නොතේරෙන සිංහල පොලිස් නිලධාරීන් විසින් සිංහල භාෂාවෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමකටය. උතුරේ සහ නැඟෙනහිර පළාත්වල දෙමළ භාෂාව නොදන්නා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සංඛ්‍යාව වැඩිවීම, එහි වෙසෙන ජනතාවට අනුව, දෙමළ කතාකරන ජනතාවට සමානාත්මතාවය සඳහා රජය දක්වන කැපවීම පිළිබඳ ආතතීන් අවම කිරීමට හෝ විශ්වාසයක් ඇතිකර ගැනීමට උපකාරී නොවේ. මෙය ලෙනාඩ් වුල්ෆ්ගේ සම්භාව්‍ය නවකතාවක් වන “විලේජ් ඉන් ද ජන්ගල්” හි එන සිංහල ගැමියාට, ඔහුට නොතේරෙන ඉංග්‍රීසි භාෂාවෙන් බ්‍රිතාන්‍යය විසින් යුක්තිය ඉටුකළ දුක්ඛිත තත්වයෙන් වසර සියයකට පසුව, එය නැවත සිදුවීමක් ලෙස හඳුනාගත හැකිය. ඒ සඳහා තවත් බොහෝ උදාහරණ දිය හැකි ය.

වෙනසක් සිදුකිරීමට අවශ්‍ය වේ

ආණ්ඩුවට ඇති ප්‍රශ්නය නම් රට සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබෙන බව මතුපිටින් පෙනුණද, රටේ ජනතාවගේ මූලික යථාර්ථයන් කටුක වීමයි. පසුගිය වසර තුළ මිල තුන්ගුණයකින් ඉහළ ගියද, බොහෝ මිනිසුන්ගේ ආදායම කිසිසේත්ම වැඩි වී නැති අතර, බොහෝදෙනෙකුට තම රැකියාව පවා අහිමිවී තිබේ. නවතම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) වාර්තාවක් පවසන්නේ, ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළම සියයට 01කට රටේ සමස්ත පෞද්ගලික ධනයෙන් සියයට 31ක් හිමිවන අතර, පහළ සියයට 50ට හිමිවන්නේ සියයට 04කටත් අඩු ප්‍රමාණයක් බවයි. ජනගහණයෙන් සියයට 33.4ක් ණය සම්බන්ධ අවදානම් සහ අහිමිවීම් සමඟ පොරබදමින් සිටින බව ද ඉන් අදහස් වේ. පරිභෝජනය සඳහා මුදල් සොයන පවුල්වල මූලික ණය ප්‍රභවයන් වන්නේ, උකස් තැබීම (සියයට 31.1), මුදල් ණයට දෙන්නන් (සියයට 24) සහ වාණිජ බැංකු (සියයට 23.5) ය. අධ්‍යාපන පහසුකම් කප්පාදු කිරීම හේතුවෙන් පීඩාවට පත්, රාත්‍රියේ ආහාර නොමැතිව කුසගින්නේ සිටින දරුවන්ට මෙම දුෂ්කරතා පවසනු ඇත්තේ, තම අවශ්‍යතා නොසළකන රජයට එරෙහිව ඔවුන්ගේ සිත් තුළ සටන්කාමීත්වය වැඩිකළ යුතුය යනුවෙනි.

‘අරගලය’ විරෝධතා ව්‍යාපාරය විසින් එළවා දැමූ ඇමැතිවරුන් බහුතර පිරිස සමඟම රට පාලනය කිරීමට මේ වන විට ආණ්ඩුව සමත් වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2024 වර්ෂය සඳහා වන සිය නවතම මානව සංවර්ධන වාර්තාවේ, ශ්‍රී ලංකාව ආසියාවේ සහ පැසිෆික් කලාපයේ පාලනයේ කඩිසර බව පෙන්නුම් කරන රටවල් තුනෙන් එකක් ලෙස ලැයිස්තුගත කර ඇති බව මෙහිදී සඳහන් කළ යුතුය. නව තොරතුරු, අනපේක්ෂිත සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීමේ වේගය සහ කාර්යක්ෂමතාව විදහා දැක්වීමේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පිලිපීනය සමඟ සමාන්තරව ලැයිස්තුගත කර ඇත. ශ්‍රී ලංකාව තුළ විවිධ ක්‍රියාකාරීන්ට එකතු වී වෙනසක් සඳහා බලපෑම් කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කර ඇති බව පෙන්වාදී ඇති මෙම වාර්තාව, වැඩිදුරටත් සඳහන් කරන්නේ, සාමූහික ක්‍රියාමාර්ග විසින් ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආරක්ෂා කිරීමට සහ නව ආණ්ඩුවකට සාමකාමී සංක්‍රාන්තියක් ලබාදුන් බවය.

ඕනෑම ආණ්ඩු වෙනසක් ආර්ථික ජයග්‍රහණ ආපසු හැරවීමට හේතු විය හැකි බවට ප්‍රතිරූපයක් මවා පෙන්වීමට ආණ්ඩුව දක්ෂ ලෙස කටයුතු කරමින් සිටී. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බව විපක්ෂයේ ප්‍රධාන පක්ෂ නායකයන් දෙදෙනාම පවසා ඇත. මෙය අනිවාර්යයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමින් බැහැරවීමක් නොවේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ජනතාවට බරක් නොවන පරිදි අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණෙන බවයි. විශේෂයෙන්ම, ආර්ථික පන්ති අතර භේද නිර්මාණය කිරීමට ආණ්ඩුව සමත්ව ඇති අතර, වෙනස්වීමට ඇති බිය සහ යහපත් ජීවන තත්වයක් පවත්වාගැනීමට ඇති ආශාව භවිත කරමින් ඉහළ සහ මධ්‍යම පන්තිකයන්ගේ සහයෝගය ලබාගැනීමටත් ආණ්ඩුව දක්ෂ වී ඇත. එසේම විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ අවහිර කළ නොහැකි, දැඩි ආර්ථික ක්‍රියාමාර්ගවලට එරෙහිව වීදි බැස සිදුකෙරෙන විරෝධතා වැළැක්වීමට ආරක්ෂක අංශ යොදාගැනීමට ද ආණ්ඩුව දක්ෂ වී තිබේ. එහෙත් මහපොළොවේ යථාර්ථය නම් රටේ ජනතාවට වෙනසක් අවශ්‍ය බවයි. ඔවුන්ටද අවශ්‍ය වන්නේ කේක් කැබැල්ලක් මිස ප්‍රංශ විප්ලවයේ අපකීර්තියට පත් වූ කුප්‍රකට මාරි ඇන්ටොනෙට්ගේ මෙන් වචන පමණක් නොවේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan