මිනිස් ජාවාරම් හා සම්බන්ධ බවට සැක පිට ඉන්දීය ජාතිකයින් 303 දෙනෙකු රැගත් රුමේනියානු ගුවන් යානයක් ප්‍රංශය විසින් ගොඩබස්වයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට ඉන්දීය පුරවැසියන් 303 දෙනෙකු සමඟ බාල වයස්කරුවන් 11 දෙනෙකු ඇතුළුව මගී ගුවන් යානයක් ප්‍රංශය විසින් ගොඩ බස්සවා ඇති බව පැරීසියේ පැරිස් නීතිපති කාර්යාලය තහවුරු කර තිබේ.

රුමේනියාවේ පිහිටි Legend Airlines සමාගමට අයත් මෙම ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නිකරගුවාව දක්වා ගමන් කරමින් තිබූ අතර පැරිසියේ සිට කිලෝමීටර් 150ක් පමණ නැගෙනහිරින් පිහිටි Vatry ගුවන් තොටුපලක් වෙත මෙලෙස ගොඩ බස්සවා ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් පැරිස්හි ඉන්දීය තානාපති කාර්යාලය සඳහන් කර තිබුණේ, අපි තත්ත්වය පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතර මගීන්ගේ යහපැවැත්ම සහතික කරන බවයි.

යානයේ සිටි බාලවයස්කරුවන් රැකවරණය සඳහා සුදුසු රාජ්‍ය ආයතන වෙත මේවන විට මාරු කර යවා ඇති අතර සියලුම වැඩිහිටි මගීන්ගෙන් ප්‍රශ්න කිරීම පැරිස් නඩු පවරන්නන්ගේ කාර්යාලයේ උප ශාඛාවක් වන සංවිධානාත්මක අපරාධවලට එරෙහි ප්‍රංශයේ ජාතික අධිකරණ බලය (JUNALCO) විසින් අධීක්‍ෂණය කරනු ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...