*
Friday, May 17, 2024
spot_img

Latest Posts

කෘතහස්ත රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘතහස්ත ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මිය යනවිට ඒ මහතා 85වන වියෙහි පසුවිය.

මෙරට සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව පණක් දුන් මෙම කෘතහස්ත රංගන ශිල්පියා රසික හදවතේ රැදී සිටි චරිතයක් වන අතර මේ වනවිට ඔහු චිත්‍රපට එකසිය පනහකට (150) අධික ප්‍රමාණයකට පණ පොවා ඇත. ඒ අතරින් ඔහුගේ සිනමාවලෝකනයේ “මරුවා සමග වාසේ” හි සීමන් අප්පු, “සිහසුන” හි කාල්, “දමයන්ති” හි රොබට් වික්‍රමසිංහ, “මුවන්පැලැස්ස” හි කදිරා, “රක්තා” හි ධානු, “චන්දීරා” හි සක්කර මාමා, “බයිසිකලේ” හි කළු මහත්තයා, “කොටි වලිගය” හි සාජන්ට් සිල්වා, “ක්‍රිස්තු චරිතය” හි පිලාත්, “අහිමි දඩමං” හි ඇත්දළ පහරින් තුවාල වූ මිනිසා, “අපරාධය සහ දඬුවම” හි මාකස්, “කිරි මධු වැල්” හි ඉන්ක්ස්පෙක්ටර්, “හුලවාලි” හි මහයා, “සසර චේතනා” හි රොසයිරෝ වැනි චරිත මෙන්ම මෑතකදී රංගනය කළ “වන් ෂොට් වන්” හි සල්ලාල ආරච්චි ඇමති, “මහින්දාගමනය” හි ධර්මාශෝක අධිරාජයා, “ඩොක්ටර් නවරියන්” හි නවරියන්ගේ පියා, “රන්ජා” හි පොලිස් ස්ථානාධිපතිවරයා, “අංජලිකා” හි අර්ඩ්ලි, “මහරජ අජාසත්” හි පුරෝහිත, “කිව්වද නහී නොකීවද නහී” හි සනත්ගේ පියා වැනි චරිත රාශියක් මතකයේ රැඳේ.

තවද ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා ටෙලි නාට්‍ය ද විශාල සංඛ්‍යාවක් රඟ පා ඇති අතර, ගායනයට ද විශේෂ ඇල්මක් ඇති ඔහු “සාගරිකා” චිත්‍රපටයේ “කකුළුවා නටන්නේ දියරත් වෙන තුරු…….” ගීය ගයමින් චිත්‍රපට පසුබිම් ගායනයට එක් විය.

“බයිසිකලේ” චිත්‍රපටය හරහා සිනමාපට නිෂ්පාදනය කළ ඔහු “රන් කහවණු” ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට පිවිසියේය. 

අසහාය කළාකරුවාණෙනි ඔබට සුබ ගමන්!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan