අම්බලන්ගොඩ පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමෙන් රෝහලට

සටහන – රුවන් නෙළුගොල්ල

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී ඊයේ (24) පස්වරුවේ වැරදීමකින් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.

මෙම කොස්තාපල්වරයා රාජකාරියට වාර්තා කිරීමෙන් පසුව සිය ගිනිඅවිය පරීක්ෂා කරමින් සිටියදී හදිසියේම ගිනිඅවිය ක්‍රියාත්මක වී ඇත.

එහිදී ඔහුගේම එක් කකුලකට වෙඩි වැදී ඇති අතර පොලීසියේ මෝටර් රථයකින්ම ඔහුව ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

කෙසේවෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...