එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW :

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය, දෙසැම්බර් 15 වැනිදා සෙමියෝ ප්‍රදේශයේ පැවති ගැටුම්කාරී තත්ත්වයකදී තුවාල ලැබූ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු හදිසියේ බේරාගැනීමේ මෙහෙයුමක් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වේ.

මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ, සෙමියෝ මෙහෙයුම් කඳවුරෙන් කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි සතුරු මෙහෙයුම් ප්‍රදේශයක, අවදානමක් සහිත අවස්ථාවක Mi-17 හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමිනුයි.

මෙම මෙහෙයුමේදී ප්‍රධාන ගුවන් නියමුවා ලෙස වින්ග් කමාන්ඩර් නෙල්සන් ද සිල්වා කටයුතු කළ අතර සහායක ගුවන් නියමුවා ලෙස ෆ්ලයිට් ලෙප්ටිනන් අරුනෝද ඒකනායක යන ගුවන් නියමුවන් කටයුතු කර ඇත.

ගුවන් කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය කණ්ඩායම විසින් තුවාල ලැබූ නිලධාරීන් හට ගුවන් ගමන පුරා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර තිබෙන අතර පැය 1යි මිනිත්තු 45ක ගුවන් ගමනකින් පසු තුවාල ලැබූ නිලධාරීන් ආරක්ෂිතව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ගුයි නගරය වෙත ප්‍රවාහනය කරන්නට කටයුතු කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...