2022 ලෝක විවාහක රූ රැජින කාශ්මීර ගුරුවරියක්… ඇය “සර්ගම් කෞෂාල්”

Date:

ඉන්දියාව නියෝජනය කරමින් 2022 ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගිවූ සර්ගම් කෞෂාල් එම උත්කර්ෂවත් උත්සවයේදී ජයග්‍රාහී කිරුළු පැළඳුවාය. වසර 21 කට පසු නැවත ඉන්දියාවට මෙම කිරුළ ගෙන ඒමට කෞෂාල් සමත්විය.

මේ තරගය සඳහා රටවල් 63ක තරගකාරියන් සහභාගී වූ අතර එය ඇමෙරිකාවේ ලාස්වෙගාස්හිදී පැවැත්විණි. ඉන්ස්ටග්‍රෑම් හි ජයග්‍රාහී ප්‍රවෘත්තිය බෙදාහදා ගනිමින් සර්ගම් කෞෂාල් පැවසුවේ, ‘බලා සිටීම අවසන්, වසර 21 කට පසුව අපට කිරුළ නැවත ලැබී ඇත.! ජයග්‍රාහකයා ලෙස කිරුළු පැළඳීමෙන් පසු කෞෂාල් මහත්මිය කඳුළු සැලුවාය. ඇය ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර මීට පෙර විශාග් ප්‍රදේශයේ ගුරුවරියක් ලෙස සේවය කර තිබේ. ඇයගේ සැමියා ඉන්දීය නාවික හමුදාවේ සේවය කරයි.

මිසිස් වර්ල්ඩ් යනු විවාහක කාන්තාවන් සඳහා පැවැත්වෙන පළමු රූ රැජින තරගයයි. මෙම තරඟය 1984 දී ආරම්භ කරන ලද අතර එහි මූලයන් ඇමෙරිකාවේ විවාහක රූ රැජින තරඟය දක්වා දිව යයි. මුලදී, තරඟය ලෝක රූ රැජින ලෙස නම් කරන ලදී. පසුව එය විවාහක රූ රැජින ලෙස හඳුන්වනු ලැබුවේ 1988 දී පමණි. වසර ගණනාවක් පුරා රටවල් 80කට තරගකාරියන් සහභාගී වූ මෙහි වැඩිම ජයග්‍රාහකයන් සංඛ්‍යාවක් තේරුනේ ඇමෙරිකාවෙනි.

ඉන්දියාව 2001 වසරේදී ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගෙන ඇති අතර එය ආචාර්ය අදිති ගෝවිත්‍රිකාර් විසින් දිනා ගන්නා ලදී. මෙවර තරගයේ පළමු අනුශූරිය ලෙස පොලිනීසියා රාජ්‍ය නියෝජනය කළ මහත්මිය දිනාගත් අතර දෙවන අනුශූරිය ලෙස කැනඩාව නියෝජනය කළ මහත්මිය දිනා ගත්තාය. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඌෂි පෙරේරා ය. ඇය අවසන් තරඟකරුවන් 16 අතරට පැමිණීමට සමත් වූවාය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!

කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ...

අපිට කැබ් එපා, අපේ කැබ් තුන අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : අපිට කැබ් එපා,...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්‍යක්ෂමතාව වෙනුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා...