දුප්පත්කම නැති කරනවා කියාන ආ ආණ්ඩුව දැන් දුප්පතුන්ව නැත්තටම නැති කරනවා – හර්ෂණ

Date:

වත්මන් ආණ්ඩුව දුප්පත්කම නැති කරන බව කියාගෙන බලයට පැමිණිය ද මේ වනවිට ඔවුන් දුප්පතුන්ව නැත්තටම නැතිකර දමමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

“මේගොල්ලො ආවෙ දුප්පත්කම නැති කරනවා කියාගෙන. දුප්පත්කම නැති කරනවා කිව්වාට දුප්පතුන්ව මෙහෙම නැත්තටම නැතිකරයි කියලා මේ රටේ ජනතාව හිතුවෙ නෑ. ඉන්ධන මිල ඉහළ යැවීම තුළින් ඉදිකට්ටේ ඉඳන් හැම භාණ්ඩයකම හා සේවාවකම මිල ගණන් වැඩිවෙලා තියෙනවා. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇවිල්ලා මොනවද කරලා තියෙන්නෙ ? මොනවද ලබාදුන්න සහන ? අන්තිමට වෙලා තියෙන්නෙ එක දෙයයි. ඒ මොකක්ද, තමන්ගෙ නඩුවලින් නිදොස්කොට නිදහස් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට බල කරන්නෙ වෙන මොනවත් නෙවෙයි ජනතාවට සහන ලබාදෙන්න කියලා”

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව පැවසුවේ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ඊයේ (24) දොම්පේ ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාවක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...