ආත්මාර්ථකාමීත්වය රජ කරන පාලනයක් තුළ පාස්කු ප්‍රහාරයේ සැබෑ සත්‍යය හෙලිදරව් නොවනු ඇත – කාදිනල්

Date:

පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙලිදරව් කර ගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි වී තිබන්නේ ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. කාදිනල්වරයා මේ බව සඳහන් කළේ නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයට සහභාගිවෙමිනි.

මෙවර නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේදී පැවැත්විණි.

රට දියුණු කිරීමට නම් සමාජ පරිවර්තනයක් හා විප්ලවීය වෙනසක් සිදුවිය යුතු බවත් පවතින ගමන් මාර්ගය වෙනස් කිරීම අනිවාර්ය බවත් කොළඹ අගරදගුරුවරයා සඳහන් කරනවා.

සැබෑ නත්තල යනු කා-බී ජොලි කිරීම නොව ගව මඩුවේ සහ කුරුසියේ පණිවුඩය තේරුම් ගෙන එකිනෙකාට උපකාර කරගනිමින් කටයුතු කිරීම බවද කාදිනල්වරයා පෙන්වා දෙයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...