විරෝධතා නොසලකමින් ඔන්ලයින් සේෆ්ටි පනත ජනවාරියේ සිට බලාත්මක වන ලකුණු!

Date:

කොළඹ LNW:එළඹෙන ජනවාරියේ සිට ඔන්ලයින් සේෆ්ටි පනත බලාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ, විපක්ෂය, සිවිල් සංවිධාන සහ මාධ්‍ය සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අවසර දුන්නේ සංශෝධනයන්ට යටත්වය.

ඒ අනුව මාස තුනක උපදේශන ක්‍රියාවලියක් පැවැත්විය යුතු බවට සිවිල් සංවිධාන විසින් කරන ලද ඉල්ලීමද නොතකා හරිමින් එය බලත්මක කිරීමටයි රජය සූදානම් වන්නේ.

යෝජිත ඔන්ලයින් සේෆ්ටි පනත භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට එල්ල වන මරු පහක් බව විපක්ෂයේත් සිවිල් සංවිධානවලත් මාධ්‍ය සංවිධානවලත් පොදු පිළි ගැනීම වූ අතර මෙම පනත බලාත්මක වුවහොත් ගූගල් සහ මෙටා වැනි සමාගම් ලංකාව අතහැර යාමේ අවදානමක් ඇති බවද ඔවුන් පෙන්වා දෙන ලදී.

එම සියළු කරුණු සලකා බලා පනතපාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට පෙර උපදේශන ක්‍රියාවලියක් සදහා මාස තුනක කාලයක් ලබා දෙන පාර්ශ්ව රැසක් රජයෙන් ඉල්ලා සිටින ලදී.

එම සියළු ඉල්ලීම් නොතකා හරිමින් ජනවාරි 23 වන දා යින් ඇරඹෙන පාර්ලිමේන්තු සතිය තුළ පනත විවාදයට ගෙන සම්මත කර ගැනීමට රජය සූදානම් බවයි වාර්තා වුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...