ලොව පුරා කිතුනු ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා බිලියන සංඛ්‍යාත කිතුනු ජනතාව සාමයේ පණිවුඩය ගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගෙන ආ නත්තල සමරයි.

නත්තල සැමරීමේ මුලික අරමුණු අතර මනුෂ්‍ය වර්ගයාගේ පව්වලට සමාව දීමට දෙවියන් වහන්සේ මිනිසාගේ ස්වරූපයෙන් ලෝකයට පැමිණි බව විශ්වාස කිරීම ප්‍රධාන වේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපන් ස්ථානය ලෙස කිතුනුවන් විසින් ගෞරවාදරයට පාත්‍ර වූ බෙත්ලෙහෙමේ මෙවර නත්තල සැමරීම ඊශ්‍රායල් හා හමාස් ප්‍රහාර හේතුවෙන් සිදු නොවන බවයි වාර්තා වන්නේ, මේ වන විට ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ 20,000 කට අධික පිරිසක් මියගොස් ජනගහනයෙන් 85%ක් අවතැන්ව ඇත. පෙළපාළි සහ ආගමික උත්සව අවලංගු කර ඇත. නගර මධ්‍යයේ, Manger Square හි සාම්ප්‍රදායික දැවැන්ත නත්තල් ගස පවා දක්නට නොලැබේ.

මෙවර නත්තල ඇති උත්කර්ෂවත්ව වතිකානුවේ සමරණ අතර වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ නත්තල් ඒව දිව්‍ය පූජාවේ මුලසුන හොබවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකයට ආශීර්වාද කරයි. අද පාප් වහන්සේගේ මුලිකත්වයෙන් පැවැත්වීමට නියමිත සවස දිව්‍ය පූජාව 6500ක් පමණ සහභාගිත්වයක් අපේක්ෂා කරන අතර ඊශ්‍රයල හා හමාස් යුද්ධයෙන් මියගිය, තුවාල ලැබූ මෙන්ම අවතැන්වූ අය වෙනුවෙන් උන්වහන්සේ සිය ශෝකය ප්‍රකාශ කර තිබිණි.

පකිස්ථානයේද කරච්චි හි ශාන්ත ඇන්ඩෘ දේවස්ථානයේ නත්තල් දින සැමරුම් ආරම්භ වී ඇති අතර පාකිස්තානයේ නැඟෙනහිර පන්ජාබ් පළාතේ, අගෝස්තු මාසයේදී මුස්ලිම් මැර පිරිසක් විසින් ජරන්වාලා නගරයේ ක්‍රිස්තියානි පල්ලිය විනාශ කළමුත් සැම නිවසකම නත්තල් සැරසිලි වලින් ආලෝකමත් කර ඇති බව වාර්තා වේ.

ඉරාකයේද නත්තල් සැමරුම සිදුවෙමින් පවතින අතර ඉරාකයේ බස්රාහි මවු තෙරේසා කතෝලික දේවස්ථානයේ නත්තල් දේව මෙහෙය ආරම්භ වේ.

මිට අමතරව ජර්මනියේ කොලෝන් හි නත්තල් ඒව දිව්‍ය පූජාවකට පෙර කොලෝන් ආසන දෙව්මැදුරේ දොරටුව අසලදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඉඟි මත දේව මෙහෙයට සහභාගි වන බැතිමතුන් ඇතුළු වීමට පෙර ආරක්ෂක පරීක්ෂාවට ලක් කළ බව වාර්තා වේ. කෙසේ නමුත් බලධාරීන් ජනතාවට ප්‍රකාශ කර තිබුණේ, නත්තල් සැමරුම් වලින් ඉවත් නොවන ලෙසයි.

ග්‍රීසිය, ඉන්දියාව, මෙන්ම රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර මධයේ යුක්රේනයේද නත්තල් සැමරුම් සිදුවෙමින් පවතින අතර ඇමරිකා එක්සත් ජනපදයේ කොකෝ බීච් හි, පිළිකා වින්දිතයින්ට මූල්‍ය ආධාර සපයන නත්තල් උත්සවයක් Florida Surf Museum සහ Grind for Life විසින් සංවිධානය කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාජිත කොළඹ දකුණට පරාජයක් – චනුල්ගේ තුන් ඉරියව් දස්කම් වලින් මහනුවරට පහසු ජයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අවුරුදු...

ටේලර් ස්විෆ්ට් ට මල් ආකරයක වැදුණු මංගල සීනු!

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): "Your English teacher and...

ආඬිඅම්බලම ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් ගන්න ගිහින් කොටුවෙයි!

කොළඹ LNW: ආඬිඅම්බලම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය...