සහල් පාරිභෝගිකයන්ගේ හා වී ගොවීන්ගේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ අවශ්‍යතාවයන්ට මාළිමා ආන්ඩුවේ විසඳුම කවරක්ද ?
ආන්ඩු බලය දිනාගැනීමට පෙර මාළිමාව පැවසුවේ ගොවීන්ට වී කිලෝවක් සඳහා රුපියල් එකසීය තිහක සහතික මිලක් ගෙවන බවය.. එසේ නම් ඉදිරි කන්නයේදී ආන්ඩුව එකී සහතික මිලට ගොවීන්ගෙන් වී මිලදී ගත්විට එම වී තොග දහයියා ඉවත්කර සහල් බවට පත්කිරීමේදී සහල් කිලෝවක මිල දෙසීය හැට ද ඉක්මවා යනු ඇත..
එය දැනටමත් පාරිභෝගිකයාට දැරිය නොහැකි මිලක පවතින සහල් මිල තව තව ඉහල යාමකි. මේ පසුබිම තුල පාරිභෝගිකයන් කබලෙන් ලිපට වැටෙයි..
මෙහිදී දැනට අබලන් තත්වයේ පවතින රජය සතු පැරණි වී ගබඩාවල ගොවීන්ගෙන් මිලට ගන්නා වී තොග ආන්ඩුවට ගබඩාකල හැකිය.. එම වී තොග සහල් බවට පත්කිරීමට ආන්ඩුව අදහස් කරගෙන සිටින ක්‍රමවේදය නම් උක්ත වී තොග ටික ටික කුඩා මෝල් හිමියන්‍ට ලබාදීමයි.. එහිදී රජයට මේ කුඩා මෝල් හිමියන්ට වී තොග විකිනීමට සිදුවන්නේ පවතින වෙළෙඳපොළ මිලටය, එනම් ආන්ඩුව මිලදී ගත් මිලට වඩා අඩු මිලකටය..
එහිදී රාජ්‍යට ඇතිවන පාඩුවට අවසානයේ කරගසන්නේ කවුද ?
දැනටමත් ගොවීන් වෙනුවෙන් ගෙවන පොහොර සහනාධාර, වාරිමාර්ග වියදම්, අලිපාලූ, නියංපාලු, ගංවතුර පාලු යනාදියේ පිරිවැය බදු ලෙස පැටවෙන්නේ පාරිභෝගික ජනතාව මතය.. මෙහිදී ඒ බදුවලට අමතරව ආන්ඩුව විසින් වැඩිමිලට ගෙන අඩු මිලට කුඩා මෝල් හිමියන්ට වී ලබාදීමේදී රාජ්‍යයට ඇතිවන පාඩුවද පාරිභෝගික ජනයා මතම බදුබර ලෙස පැටවේ..
සහල් හිගය විසඳීමට ජනාධිපතිතුමා මහ මෝල් හිමියන් ගෙන්වා කල සාකච්චාවෙන් සිදුවූයේද තව කීයකින් හරි හාල් මිල ඉහල ගොස් පොඩි මිනිහගෙ බඩට වැදුන එක පමණි ..
එසේම ආනයනික සහල් කිලෝවක් සඳහා ආන්ඩුව රුපියල් හැටපහක බරපතළ බද්දක් හීන් සීරුවේ පාරිභෝගිකයා මත පටවා තිබේ..
මේ රටේ ජනතාවගෙ ප්‍රධාන ආහාරය බත් ය.. දිනකට යාන්තමට රුපියල් දෙදහක පමණ ආදයමක් ලබන පවුලකට දිනකට සහල් කිලෝ දෙකක් මිලදී ගත්තත් ඒ සඳහා පන්සීයක මුදලක් වැයවේනම් සමස්ත ආදායමෙන් හතරෙන් පංගුවක් එතනම ඉවරවේ….
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN