ලංකාවේ සියල්ලන්ගේ ගමන අර්ධ අවසන් පූර්ව වටයෙන් නවතියි.

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 26 ,(LNW)කොළඹ :

නේපාලයේ පැවති Nepal International Challenge 2024 බැඩිමින්ටන් සූරතාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ සියලු දෙනාගේ ජයග්‍රාහී බලාපොරොත්තු අර්ධ අවසන් පූර්ව වටයෙන් නැවතිණ.පිරිමි අර්ධ අවසන් පූර්ව තරගයේ දී ලොව 61 වන තැනට ශ්‍රේණිගතව සිටින ඉන්දීය ක්‍රීඩක මේරබා ලුවාන්ග් මයිස්නම් ඉදිරියේ පරාජය භාර ගන්නට විරේන් නෙත්තසිංහට සිඳු විය.ඉතා තියුණු මුහුණුවරක් ගත්,විනාඩි 52 ක් පුරා ඇදී ගිය එම තරගයේ ජයග්‍රහණය ලුවාන්ග් සතු වූයේ ලකුණු 21 – 18,15 – 21 සහ 21 – 19 ක් ලෙසය.
පිරිමි යුගල තරගවලදී ශ්‍රී ලංකාවේ දිනුර රශ්මික සහ සියත් සේනාරත්නව වට 2- 0 ක් ලෙස විනාඩි 18 දී පහසුවෙන් පරාජය කරන්නට විප්ලාව් කුවාලේට සහ විරාජ් කුවාලේ ට හැකි විය.ලකුණු තත්ත්වය දැකු වූණේ 21 – 3 සහ 21 -4 ක් ලෙසය.


ජනනුවනි අමන්දා සහ නිසලි බාලසූරිය කාන්තා යුගල අර්ධ අවසන් පූර්ව තරගයේදී පරාජයට පත් වූයේ තායිලන්තයේ කොඩ්චාපෝන් චායිචන්නා සහ පනාවී පොලියිම් ඉදිරියේ ය.ලකුණු තත්ත්වය දැක් වූණේ 21 – 8 සහ 21 – 7 ක් ලෙසය.හසිනි අම්බලංගොඩ සහ හසාරා විජේරත්න මැලේසියාවේ කිසෝනා සෙල්වදොරේ සහ යැප් රූයි චෙන් හමුවේ වට 2-0 ක් ලෙස පරාජය විය.ලකුණු තත්ත්වය දැක් වූණේ 21 – 13, 21 – 10 ක් ලෙසය.

ඡායාරූපයේ දැක්වෙන්නේ විරේන්ව තියුණු සටනකින් පසුව පරාජය කළ මේරබා ලුවාන්ග් මයිස්නම් ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...