සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත ජීවිත හා දේපළ හානියක් සිදුකළ 2004 සුනාමි ව්‍යසනය සිදුවී අදට (දෙසැම්බර් 26) වසර 21ක් සපිරේ.
එම ව්‍යසනයෙන් මියගිය අය සිහිකිරීම උදෙසා අද පෙරවරු 09.25 සිට 09.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමස්ත ජනතාවට දැනුම් දී තිබේ.
සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සදහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කරමින් සැමරුම් උත්සව පැවැත්වෙන අතර මෙවර ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී අද පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවර ජාතික සුරක්ෂිත දිනයේදී සුනාමි ව්‍යසනයෙන් මෙන්ම සෙසු ආපදාවලින් මියගිය පිරිස් සිහිපත් කිරීම සිදුවන අතර දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇත.
2004 දෙසැම්බර් 26 වනදා ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදේ ඇතිවූ භූකම්පනයක් හේතුවෙන් හටගත් සුනාමි ව්‍යසයෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වූ අතර මුහුද ගොඩගැලීම නිසා මියගිය ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 50,000ක් පමණ වෙතැයි සැලකේ.
තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වූ අතර නිවාස හා දේපළ අලාභ හානි ඇතුළුව මෙරට පුද්ගලයින් 502,456 දෙනෙකු මෙයින් බලපෑමට ලක්වූ බව සඳහන්.


