බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ කුමාරයා වශයෙන් සැලකෙන තාරික් රහ්මාන් එළඹෙන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඊයේ(25) බංග්ලාදේශයට පැමිණ තිබේ.

ලක්ෂ සංඛ්‍යාත බංග්ලාදේශ ජාතික පක්ෂ සාමාජිකයන්ගේ උණුසුම් පිළිගැනීමත් සමඟ වසර 17ක පිටුවහල් වීමකින් අනතුරුව පැමිණි 60 හැවිරිදි තාරික් රහ්මාන් යනු බංග්ලාදේශයේ හිටපු ජනාධිපති සියාඋර් රහ්මාන් සහ 1991 දී රටේ පළමු කාන්තා අගමැතිනිය වූ කලීඩා සියාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර හෙතෙම බංග්ලාදේශ ජාතික පක්ෂයේ( BNP) වත්මන් සභාපති වේ.

තාරික් රහ්මාන් 2001 සිට 2006 දක්වා ඔහුගේ මවගේ දෙවන ධුර කාලය තුළ ප්‍රධාන ප්‍රසිද්ධ චරිතයක් වූ අතර ඔහුට ගජ මිතුරන්, දූෂණය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ චෝදනා ද එල්ල විය. ඒ අනුව, 2006 සහ 2009 මුල් භාගය අතර බලය දැරූ හමුදා සහාය ලත් භාරකාර රජයක් 2007-08 හදිසි නීතිය යටතේ මාස 18 කට ආසන්න කාලයක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් පසු රහ්මාන් ඇප මත නිදහස් වීමෙන් පසු 2008 සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියට පියාසර කර තිබුණි.

තාරික් රහ්මාන් නව ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් පැමිණීමත් සමඟ විචාරකයන් සඳහන් කරන්නේ, 2024 අගෝස්තු මාසයේ දේශපාලන විරුද්ධවාදීන් සහ විවේචකයින් දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම, මරා දැමීම, වධහිංසා පැමිණවීම හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම ආදිය හේතුවෙන් හා රජයේ රැකියා ක්‍රමයට විරුද්ධව එරට විශ්ව විද්‍යාල සිසුන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ 15 වසරක පාලනය නිමා කිරීම සමඟ මීළඟ අගමැතිවීමේ වැඩි ඉඩ ඇත්තේ තාරික් රහ්මාන්ට බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...

AI ස්පෑම් නාලිකා මර්දනයට යූටියුබ් වෙතින් දැඩි පියවරක්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී YouTube ආයතනය...

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...