ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමඟි ජන බලවේගය බලපොරොත්තු වන බව හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ පවසයි.

ඖෂධ ප්‍රශ්නයේදී හිටපු මැති කෙහෙළිය රඹුක්වැල්ල වැරදි නම් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාද වැරදි බව ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් අවසානයේ සමඟි ජන බලවේගයට සහ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට වන්දි ගෙවීමටද සිදුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නිවැරදි නැත්නම් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ ද ක්‍රියාකලාපය නිවැරදි විය නොහැකි බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

ඒ අනුව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ සෙසු කණ්ඩායම්වල සහය ලබා ගැනීමටද නියමිත බව ඔහු ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...